කොරෝනාවෙන් බේරෙන්න කැලණිය විශ්ව විද්‍යාලයෙන් හෙල්මටයක්

කොරෝනාවෙන් බේරෙන්න කැලණිය විශ්ව විද්‍යාලයෙන් හෙල්මටයක්

කොරෝනාවෙන් බේරෙන්න කැලණිය විශ්ව විද්‍යාලයෙන් හෙල්මටයක්

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි හෙල්මටයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත.

භාවිතයට වඩාත් පහසු සහ පරිසර හිතකාමී මෙම හෙල්මටය ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කර ඇති අතර එය මුහුණු ආවරණ, ඇස් ආවරණ ආදී සියල්ල වෙනුවට භාවිත කළ හැකි බව එම විශ්ව විද්‍යාලය පවසයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මියගේ සහ එම අධ්‍යයනාංශයේ විද්‍යාවේදී විශේෂ උපාධිධාරියකු වන අකිල ලංසාකාර මහතා එක්ව මෙය නිෂ්පාදනය කර ඇත.

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන මුඛ ආවරණ සහ මුහුණු ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම නිසා සිදු වන උග්‍ර පරිසර අර්බුදයට විකල්පයක් ලෙස මෙම හෙල්මටය නිෂ්පාදනය කළ බව ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

හෙල්මටයේ පසුපස කොටස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් සහ ෆයිබර් කෙඳිවලින් නිෂ්පාදනය කර ඇති අතර එහි ඉදිරිපස විනිවිද පෙනෙන සේ සකසා ඇත. ඇතුළත ඇති වායු ඉවත් කිරීම සඳහා හෙල්මටයේ හිසෙහි බැටරි වලින් දිවෙන කුඩා පංකාවක් සවි කර ඇති අතර බොත්තමකින් ක්‍රියා කළ හැකි එහි බැටරිය පැය 08ක ආයු කාලයකින් යුක්තය. එම බැටරි අවශ්‍ය නම් යළි පණ ගැන්විය හැකි අතර බැටරි මාරු කිරීමේ හැකියාව ද ඇත.

එමෙන්ම ආශ්වාස කෙරෙන වායුව පිරිසිදු කිරීම සඳහා පෙරහන් තුනක් ඇති අතර හෙල්මටය ඇතුළෙහි සැකැස්ම ස්පොන්ජිමය දාරයක් සහිතව හිසට මනා ලෙස ගැළපෙන අයුරිත් නිර්මාණය කර ඇත. විෂ බීජ ඇතුළු වීම සම්පුර්ණයෙන් වළකන මෙම හෙල්මටයේ වායුව ඉවත් කිරීමේ තාක්ෂණය නිසා ඇස් කණ්ණාඩි පළඳින්නන්ට වායු පටල රැඳීමේ ගැටලුවෙන් මිදිය හැකි බව ද රංගිකා බණ්ඩාර මහත්මිය කීවාය.

දෙකෙළවර ඇති බ්ලූටූත් තාක්ෂණික උපාංග නිසා දුරකථන ඇමතුමක් සමඟ වුවද සම්බන්ධ විය හැකි අතර මීටරයක් දුරින් සිටිනා අයෙකුගේ ශරීර උෂ්ණත්වය සන්නිවේදනය කරන මැනුම් උපාංගයක් ද මෙහි සවි කර ඇත. එම සියලුම පහසුකම් බොත්තම් මගින් ක්‍රියා කරවීමේ සහ ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඇත. ඉදිරිපස කොටස විවෘත කිරීමේ හැකියාවකින් යුක්ත මෙම සැහැල්ලු හෙල්මටය විවිධ වර්ණයන්ගෙන් නිෂ්පාදනය කළ හැකි බව ද ඇය පැවසුවාය.

එසේම හෙල්මටය ඉදිරිපස අනන්‍යතාව තහවුරු කෙරෙන කේතයකින් ද යුක්ත වන නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු නොවන බවත්, හෙල්මට් ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරෙන අතර එකක පිරිවැය රුපියල් 10000 ක් පමණ බවත් ආචාර්යවරිය පැවසුවාය.

මෙම හෙල්මටයේ මූලික රාමුව සකස් කිරීමේදී දායකත්වය දුන් හෙල්මට් නිෂ්පාදන ආයතනයක් වන උපකෝ ආයතනය නන් අයුරින් සහය දුන් අකිලගේ සොහොයුරා වන කවින්ද ප්‍රභාත්, ඔහුගේ මිතුරකු වන ළහිරු නිමෙෂ්ක යන අය ද මේ මොහොතේ සිහිපත් කළ යුතු බව රංගිකා බණ්ඩාර මහත්මිය කීවාය.C

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *