Type to search

රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ වේ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියර ඉදිරිකිරීම් (07) ආරම්භ වේ. මෙම පළමු අදියර ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 5470 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතය. අදියර තුනකින් ඉදිකිරීමට නියමිත රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර 73.9 කි.

එම මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට යෝජිතය. එහි පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3 ක දුරක් සම්පූර්ණ කිරීමට නියමිතය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *