රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් – V කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් - V කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය දිවයිනට
රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය (04) අලුයම දිවයිනට ලැබී තිබුණා. එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබුවා.
කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන් අතර මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියා.