කොරෝනා වාතයෙන් බෝවෙන්නේ නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්

කොවිඩ් වයිරසය වාතයෙන් බෝවන බවට විද්‍යාත්මක නිගමනයක් නොමැති බවත් දැනට තහවුරු වී ඇත්තේ බිඳිති මගින් සම්ප්‍රේෂණය වන බව පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දුන් බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවැති සාකච්ඡාවකදී තමන් කළ විමසුමකදී මෙම පිළිතුර ලැබුණ ඔහු අවධාරණය කර සිටිනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ආරක්ෂා කිරීම ජනතාවගේ වගකීමක් බව වෛද්‍ය පාලිත අබේකෝන් ප්‍රකාශ කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *