සා.පෙළ අගෝස්තුවට උ.පෙළ දෙසැම්බරයට අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ යෝජනා

සා.පෙළ අගෝස්තුවට උ.පෙළ දෙසැම්බරයට අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ යෝජනාව ඇමැති මණ්ඩලයට

සා.පෙළ අගෝස්තුවට උ.පෙළ දෙසැම්බරයට අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ යෝජනාව ඇමැති මණ්ඩලයට

සෑම ශිෂ්‍යයකුටම අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධිය හිමිකර ගැනීමට ඉඩකඩ සැලසීම සඳහා සාමාන්‍ය පෙළ විභාගය සෑම වසරකම අගෝස්තු මාසයේදිත් උසස් පෙළ විභාගය සෑම වසරකම දෙසැම්බර් මාසයේදිත් පැවැත්වීම සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

ප්‍රථම උපාධිය ලබාගැනීමට ගතවන කාලය අවම කළ යුතු බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව ඇත. මේ වන විට සිසුවකුට ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමේදී වයස අවුරුදු 25-26 සම්පූර්ණ වන බව අමාත්‍යවරයාගේ අදහස වී ඇත. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ කාලසටහන්වල ඇති ව්‍යුහාත්මක නොගැලපීම්, උසස් පෙළ විභාග ප්‍රතිඵල සෝදිසියේදී සිදුවන ප්‍රමාදයන්, අපේක්ෂකයන්ගේ දිස්ත්‍රික් නිර්ණය ක්‍රියාවලියට අධික කාලයක් ගතවීම යනාදී කරුණු මෙකී ප්‍රමාදයට බලපාන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව උසස් අධ්‍යාපනය හදාරා ප්‍රථම උපාධියට ලබාගැනීම ගත වන කාලය අවම කරගැනීම සඳහා වන යෝජනාවලියක් අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *