(VIDEO) පොදි පිටින් ලංකාවට පැමිණෙන ඉන්දියානුවන් – ලංකාවේ නිරෝධායනයත් බිස්නස් එකක් වෙයි

ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ල නිසා ඇතිවී ඇති බිහිසුණු තත්ත්වයෙන් බේරීම සඳහා, ඇති හැකි ඉන්දියානුවන් රටින් පළා යමින් සිටි. එම පිරිස් අතර සමහර ඉන්දියානුවන් ලංකාව ද තම නවාතැන ලෙස තෝරා ගෙන ඇත. ලංකාවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයින් මෙය හෙටම ප්‍රතික්ෂේප කළත්, trowel bubble ක්‍රමයට ඉන්දියානුවන් ලංකාවේ සංචාරය කළ හැකි යැයි සංචාරක ඇමතිවරයා පවසන්නේ මෙයමයි. මෙය සනාථ කිරීමට කදිම සාක්ෂියක් දැන් ලැබී ඇත.

ඉන්දියාවේ වාසය කරන ඇති හැකි අයිරිෂ් ජාතිකයෙකු, ලංකාවට පලාවිත් දවසකට පසු ඔහුගේ සේවකයින් පිරිසක් කොරොනා ආසාදනයට පත් වී ඇති බව සොයාගෙන ඇත. මෙම පුවත මහා පුරාජේරුවක් ලෙස සමාජ මාධ්‍ය හරහා කියන්නට ගොස්, ලොව පුරා ඇති සමාජ ක්‍රියාකාරිකයන් රැසක් දිගින් දිගටම ඔහු විවේචනය කරන්නට පටන්ගෙන ඇත. ලාංකිකයන් ලෙස අපට මෙය සමග තවත් ප්‍රශ්නයක් මතු වේ. ඔහු පැමිණියේ කොරෝනා ආසාදනය සමග ද? ඔහු වැනි තවත් කී දාහක් ලංකාවේ සිටි ද? ඔවුන් නැවතී සිටින්නේ කොහෙද? ඔවුන් හරහා ලංකාවට කොරෝනා ආසාදනය පැතිරීම වැළැක්වීමට ඇති ක්‍රියාමාර්ග මොනවාද?

දෙවෙනි කොරෝනා රැල්ල ලංකාවේ පටන් ගත් ආකාරය පිළිබඳ නිශ්චිතව යමක් රජය පාර්ශවයෙන් පවසා නොමැත. දෙවැනි රැල්ල පටන් ගැනීමට දවස් කිහිපයකට පෙර ඉන්දියාවේ vishakhapatnam සිට ලංකාවට විශේෂ ගුවන් යානයකින් පිරිසක් පැමිණ ඇති බව පැහැදිලි සාක්ෂි එම දවස්වල ඉදිරිපත් වුණි. තුන්වැනි කැරැල්ල පටන් ගත්තෙත් ඊට සමාන සාධක හරහා ද යන ප්‍රශ්නය මතු වීම වැලැක්විය නොහැකිය.

රජයේ විනිවිද පෙනෙන ලෙස වගකීම සහ වගවීම සහිතව ක්‍රියා කිරීම පටන් ගන්නා තෙක් ඔවුන් දෙස චෝදනා යොමු යොමුවීම වැළැක්විය නොහැකිය.

 

එමෙන්ම කොරෝනා වැළදී ඇති රෝගීන් හට නිරෝධායන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් රැසක්ම දැන්වීම් පළ කොට ඇත.

ඒ අනුව නව පැකේජ හදුන්වා දෙමින් දින 13, 15 යනාදී වශයෙන් නිරෝධායන වැඩසටහන් හදුන්වා දී ඇති මෙම හෝටල් භට ඩොලර් 650 සිට අයකිරීම්ද සකස් කොට ඇත.

මෙම දැන්වීම් මේ අයුරින් පළ කොට ඇත.

 

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *