සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් – ජනාධිපති ආරම්භ කරයි

සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (01) ආරම්භ කළා. වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊයේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක් රෝපණය කරමිනුයි මේ වැඩසටහන ආරම්භ කළේ.

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැළ බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැළ බෙදා දීම සිදු කෙරේ.

ගුණාත්මක බවින් ඉහළ පැළ සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකි බව ජනාධිපතිතුමා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් යොදා කියා තිබුණා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ කහ පැල සිටුවීමේ අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *