(VIDEO) බස්නාහිර ICU ඇඳන් ෆුල්; ගම්පහ කොරෝනා ආසාදිතයින් ගෙවල්වලම – GMOA රජයට චෝදනා

(VIDEO)බස්නාහිර ඇඳන් ෆුල්; ගම්පහ කොරෝනා ආසාදිතයින් ගෙවල්වලම; GMOA රජයට චෝදනා

(VIDEO)බස්නාහිර ඇඳන් ෆුල්; ගම්පහ කොරෝනා ආසාදිතයින් ගෙවල්වලම; GMOA රජයට චෝදනා

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සදහා වෙන් කොට ඇති සියලුම රෝහල්වල ඇඳන් ධාරිතාව සම්පූර්ණ වන ප්‍රමාණයට කොරෝනා රෝගීන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ඒ අනුව බස්නාහිර පළාතෙන් හමුවන කොරෝනා රෝගීන් මේ වනවිට පිට පළාත්වල රෝහල්වලට යොමු කරමින් තිබෙන බව වාර්තා වේ. එමෙන්ම (29) දිනයේදී කොරෝනා රෝගයෙන් එක් රෝගියකු නිවසේදීම මියගොස් සිටි බවක්ද වාර්තා විය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ(30) දින සවස 4.00 පමණ වනවිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිය නිවාසවලම රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න පවසයි. ඊට අමතරව (30) දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311දෙනෙකු සිටින බවද ඔහු සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට චෝදනා

මේම තත්වයතුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට චෝදනා එල්ල වේ.

“කොරෝනා සම්බන්ධයෙන් අමාත්‍යංශයක් පවතින එකම රට ශ්‍රී ලංකාව” වුවත් කොරෝනා පාලන අමාත්‍යංශය රෝහල් ධාරිතාව වැඩි කිරීමට ගෙන ඇති පියවර මොනවාද? යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රශ්න කරයි.

කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු චෝදනා එල්ල කළේය.

“රටේ කොරෝනා සම්බන්ධව ඇමතිවරියක් ඉන්නවා. කොරෝනා සම්බන්ධව අමාත්‍යංශයක් තියෙනවා. ලෝකේ මං දන්නෙ නෑ කොරෝනා සම්බන්ධව ඇමතිවරු, අමාත්‍යංශ, ලේකම්වරු ඉන්න එකම රට. එතකොට අපි අහනවා, කොරෝනා සම්බන්ධ අමාත්‍යංශය ICU ධාරිතාව වැඩි කරන්න මොනව ද කරල තියෙන්නෙ? රෝහල් ධාරිතාව වැඩි කරන්න මොනව ද කරල තියෙන්නෙ?”

මේ අතර කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ රෝගීන් රෝහල් හෝ අතර මැදි මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකි වී ඇති තත්ත්වක් මතුව ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රෝහල්වල ඇඳන් ධාරිතාව ඉතා ම අඩු මට්ටමක තියෙන්නෙ. රෝහල්වල දැඩි සත්කාර ඒකක බින්දුවට ආසන්න අගයක තමයි මේ වෙලාවෙ පිරිල තියෙන ප්‍රමාණයත් එක්ක තවත් ICU ඇඳන් තියෙනවා ද? කියන තත්ත්වයකට පත්වෙමින් තියෙන්නේ.”

“පීසීආර් කිරීමේ ධාරිතාව මෙච්චරයි කියල කියන ගමන්ම හෙට දිනයේදී පීසීආර් කරන ධාරිතාව මොකක් ද? මේ කාරණය ගැන කතා කරද්දි මේ සත්‍ය තොරතුරු ද එළියට දෙන්නෙ? ඒ වගේ ම රෝහල්වල ඕන තරම් ඇඳන් තියෙනව කිව්වට අපි දන්නවා, ස්ථාන ගණනාවක මේ වෙනකොට රෝගීන් ලෙස තහවුරු වූ අය රෝහල් කරා හෝ අතර මැදි මධ්‍යස්ථාන කරා හෝ ‌ගෙන යාමට හැකියාවක් නොමැතිව ගෙවල්වල ඉන්නවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *