P to P පාගමන සම්බන්ධ නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණ නියෝගයක්

P to P නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණ නියෝගයක්

P to P නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණ නියෝගයක්

නැගෙනහිර පළාතේ පොතුවිල් සිට උතුරු පළාතේ පොලිකණ්ඩි දක්වා පැවැති P to P පාගමන මගින් අධිකරණ නියෝග උල්ලංනය කළ බවට පොලිසිය විසින් ගොනුකළ නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවට වන තර්කය අභියාචනාධිකරණය තර්කයක් ලෙස පිළිගෙන තිබෙනවා. මේ පිළිබඳව වූ නඩුව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී (30) විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

ඊට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. පසුගිය 29දා සලකා බැලුවා. එහිදී ජනාධිපති නීතිඥ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී ඇත්තේ අධිකරණ නියෝග උල්ලංගනය වීමක් සිදුවී ඇත්නම්, එය අධිකරණයට අපහාස කිරීමක් වන නිසා, එවැනි චෝදනාවක් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවයි. ‍මේ අභියාචනාධිකරණ පෙත්සම අර්ජුන ඔබේසේකර සහ මායාදුන්න කොරයා යන විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලුවා.

මේ තර්කය පිළිගත් අභියාචනාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කළා. ඊළඟ දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනීමට නියමිත නිසා වහාම අදාළ නියෝගය දැනුම් දෙන ලෙස ද අභියාචනාධිකරණය ලේඛකාධිකාරිවරයා වෙත නියෝග කර තිබෙනවා.

පොලිසිය විසින් චෝදනා ගොනුකර තිබුණේ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ පාගමන සම්බන්ධයෙන් නිකුත් කරන ලද නියෝගයක් කඩකළ බවටයි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07දෙනෙකුට එරෙහිව පොලිසිය පාර්ශ්වයෙන් මෙම චෝදනා ගොනුකර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *