ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව විදගත් පිරිසකට කොරෝනා හැදිලා – වෛද්‍ය සුදත් සමරවීර

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. දැනට ලැබී ඇති වාර්තාවලට අනුව ඒ බව තහවුරු වී ඇතැයි ඒ මහකා සදහන් කළේය.

එමෙන්ම පවතින තත්ත්වය යටතේ අද හෙට දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත්, එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *