සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු, කොරෝනා රෝගීන්ට යොදවන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුළ කතා කෙරෙන 'ICU' ඇඳන් ගැන දැන ගමුද?
ඉහල යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබෙනවා.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මෙම උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා කියා සිටිනවා. එමෙන්ම දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍ර අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වසා දමා ඇති කම්හලක ඇඳන් 2000කින් යුත් රෝහලක් ඉදි කිරීම ආරම්භ කර තිබෙනවා.
කෙසේ වුවද රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමට කිසිදු ආකාරයකින් බියක් ඇති නොකර ගන්නා ලෙසට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවට දැනුම් දෙනවා. ඔහු කියා සිටින්නේ ඕනෑම වේලාවක දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට රෝහලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.
– A5