තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ. පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් කියා සිටින්නේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබූ අතර කෙසේ නමුත් ඔහු ඒ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. මන්ත්‍රීවරයා දන්වා තිබුණේ තමා ප්‍රතිකාර ලබමින් සිටින බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ නොහැකි බවයි.

‍මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *