“කොරෝනා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීමට එන්නත් නෑ කියල නලීන් බණ්ඩාර කියන්නේ බොරු” – සංජීව එදිරිමාන්න

නලින් කියන්නේ බොරු; කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව මැයි 3 දා සිට - සංජීව එදිරිමාන්න

නලින් කියන්නේ බොරු; කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව මැයි 3 දා සිට - සංජීව එදිරිමාන්න

කොවිඩ් එන්නත් ලබා දීමේ දී රජය ප්‍රමුඛතාවන් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ මුළුමනින්ම අසාර්ථක වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා චෝදනා කළේය.

මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත කාල සීමාව එළැඹ ඇති නමුත් ඔවුනට දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා ආණ්ඩුව සතුව එන්නත් නොමැති බැවින් මේ වන විට දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි ද මන්ත්‍රීවරයා (26) කීවේය.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථක වී ඇතැයි ඒ මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

නලීන්ට පිළිතුරක්

කොරෝනා මර්දනයට සම්බන්ධ වන ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ ප්‍රමුඛතා ලැයිස්තුව අනුව කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව එළැඹෙන මැයි මස 3දා ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා (26) ප්‍රකාශ කළේය.

එම දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා මෙරටට ලැබුණු පළමු එන්නත් තොගයෙන්ම මූලික වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගැනීමට රජය කටයුතු කර ඇති බැවින් එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලෝකයේම පිළිගත් ප්‍රමිතිගත රුසියානු ස්පුට්නික් එන්නත් තොගයක් ඉදිරි සතියේ දී මෙරටට ලැබෙනු ඇති බවත් ප්‍රකාශ කළ මෙරට එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගැනීමෙහිලා එය ප්‍රයෝජනවත් වනු ඇති බවත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *