හෝටල් කළමණාකරණ පාඨමාලා මට්ටම උසස් කිරීමට ස්විස්ටර්ලන්ත රජයේ සහය

සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු පාසලේ පාඨාමාලා උපාධි මට්ටමට උසස් කිරීම සදහා ස්විස්ටර්ලන්ත රජයේ සහාය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපති ඩොමිනික් ෆ(ර්)ග්ලර් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණි.

සංචාරක ඇමතිවරයා සහ ස්විස්ටර්ලන්ත මෙරට තානාපතිවරයා අතර මෙම සාකච්ඡාව සිදු වූයේ පසුගිය සිකුරාදා(23) සංචාරක අමාත්‍ය කාර්යාලයේදීය.

විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මෙරට සංචාරක හෝටල් පුහුණු පාසලේ අධ්‍යාපනය හැදෑරීමට හැකිවන පරිදි දැනට පවත්වන පාඨමාලා උසස් තත්ත්වයට ගෙන ඒමට අදහස් කරන බවත් මෙම පාසල විශ්ව විද්‍යාලයක් බවට උසස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දුන්නේය. ඊට සිය ප්‍රසාදය පළකල තානාපතිවරයා ඒ සදහා ස්විස්ටර්ලන්ත රජයේ පූර්ණ සහාය ලබා දීමට සුදානම් බව කීවේය.

ස්විස්ටර්ලන්ත තානාපතිවරයා කීවේ ස්විස්ටර්ලන්තයේ හෝටල් කළමණාකරණය පදනම් කරගත් උසස් අධ්‍යාපන ආයතන රැසක් පවතින බවයි. එම විශ්ව විද්‍යාල වල සහාය මේ සදහා ලබා දිය හැකි බව ද තානාපතිවරයා කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *