ගෑස් ගැන ප්‍රශ්නයට ඇමති බන්දුල ගෑස් පෙන්නයි, ගෑස් ගැන තීරණය කරන්නේ ඔහු නොවේලූ

වෙළද පොලේ ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක දක්වා ඇති නියමිත ධාරිතාවෙන් ගෑස් නොමැති වීම පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී ඇමතිවරයා පවසා ඇත්තේ ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් තමන් නොවන බවයි.

මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෑස් සැපයීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් සමාගම් දෙකක් මගින් සපයයි. පසුගිය දිනවල එම සමාගම් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා අවසර ඉල්ලමින් වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක්ද කෘතිමව ඇති කිරීමට කටයුතු කරනු ලැබුවත් සමාගම්වල ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එහෙත් මේ වනවිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ධාරිතාව වෙනස් කිරීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ” ගෑස් මිල තීරණය කිරීම පිළිබඳව අධිකාරිය ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියට. ගෑස් මිල වැඩිකරලා තියෙනවා නම් පාරිභෝගික අධිකාරිය විෂය පිළිබඳ අමත්‍යවරයා ඒ් පිළිබඳව උත්තර දෙයි. මේක හොරෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක්. ඒ්ක අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි. මොනවා හරි හොරකමක් දූෂණයක් වංචාවක් තියෙනවා නම් මට කියන්න. මම එතකොට හොයන්නං” යනුවෙන් ගෑස් සිලින්ඩරයේ බර සහ මිල අතර ප්‍රශ්නය පිළිබඳව විමසීමේදී කියා සිටියා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *