ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ සංසරණයක් පවතින බව කී පූජකතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසිය යුතුයි – එච්.එම්.එම්.හාරිස්

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ සංසරණයක් පවතින බවට ප්‍රකාශකොට ඇති නිවේදනය සම්බන්ධයෙන් පූජක තුමාගෙන් විමසිය යුතුයි-එච්.එම්.එම්.හාරිස්

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ සංසරණයක් පවතින බවට ප්‍රකාශකොට ඇති නිවේදනය සම්බන්ධයෙන් පූජක තුමාගෙන් විමසිය යුතුයි-එච්.එම්.එම්.හාරිස්

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් 350 දෙනකු පමණ සංසරණය වන බවට ප්‍රකාශයක් කර, මහජනතාව අතර ආතතියක් නිර්මාණය කළ පූජ්‍ය සිරිල් ගාමිණි පියතුමාණන්ගෙන් විමර්ශනයක් කළ යුතු බව ද, එම ප්‍රකාශනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කොට එහි සත්‍යාසත්‍ය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිසි පරීක්ෂණයක් පවත්වා තොරතුරු හෙළිදරව් කළ යුතු බවත් එච්. එම්. එම්. හාරිස් සඳහන් කළේය.

ඊයේ දිනයේ ආනයන අපනයන පාලන රීති සම්බන්ධිත නීති ගැටළු පාර්ලිමේන්තු විවාදයට සහභාගි වු අවස්ථාවේ දී ඔහු මෙසේ පැවසුවේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති සැබෑ ශක්තිය කුමක්දැයි තවමත් නිසි දැනුම්දීමක් ලැබී නොමැති බවත්,ඒ සම්බන්ධයෙන් සැවොම කතා කරන බවත් එම ප්‍රහාරය සිදු කොට දෙ වර්ෂ පූර්ණය සමරන අවස්ථාවේ දී කතෝලික ජනතාවගේ ශෝචනීය අවස්ථාවේ දී තමාගේ ශෝකය ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කොට මෙය පිටුපස සිටින අයවලුන් සොයාගෙන ඔවුනට නිසි දඬුවම් පැමිණවිය යුතු බවට මුස්ලිම් සමාජය තරයේ කියා සිටින බවත් ඔහු සඳහන් කළේය.

තවද සහරාන් ඇතුළු ඔහුගේ මිලේච්ඡ කණ්ඩායම සිදුකරනු ලැබූ මෙවැනි ශොචනීය ක්‍රියාවක් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය දැඩි ලෙස පීඩාවට පත්වී ඇති බවත්, මෙම මිලෙච්ච ප්‍රහාරය හේතුකොටගෙන මුස්ලිම් සමාජයේ සමහරුන් අත්අඩංගුවට පත්වන බවත්,එමෙන්ම තවත් සමහරුන් විමර්ශනයන් සඳහා ගෙන යනු ලබන බවත් මෙවැනි තත්ත්වයක් පවතින වටාපිටාවක දී තවදුරටත් මෙසේ මුස්ලිම් ප්‍රජාවගේ භීතිය තුනී කිරීමට නිසි විමර්ශනයක් ඉක්මනින් සිදුකළ යුතු බවත් ඔහු සදහන් කළේය.

තවද, මෙ රටෙහි ජීවත් වන්නාහු සියලු ආගමික කණ්ඩායම් වලට ප්‍රතිපත්ති හා කුල ක්‍රමයන් ද ඇත. ඒ අනුව මුස්ලිම් සමාජයේ විවිධ මත දරන්නන් හා නොයකුත් කණ්ඩායම්ද සිටිති.මෙසේ ප්‍රතිපත්තිමය වෙනස්කම් පමණක් සැලකිල්ලට ගෙන වුන් ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගැසීම කොතෙක් දුරට සාධාරණද?
තව්හීද් ප්‍රතිපත්තිය මත සංවිධානගත වූවන් අප රටේ ද ක්‍රියා කරයි. එහෙත් ඔවුන් කිසි විටෙකත් ත්‍රස්තවාදය සඳහා කිසිම උත්තේජනයක් සැපයුවේ ද නැත එමෙන්ම ත්‍රස්තවාදයට මූල්‍ය උපකාර කිරීමටද ඔවුන් කිසි විටකත් තැත් කොට නැත.

තවද මේ අනුව ඉස්ලාමීය සංවිධාන 11ක් කිසි විමර්ශනයක් නොකොට ,ආණ්ඩුව විසින් මෙසේ තහනම් සංවිධාන ලෙස නම් කොට තිබීම දැකිය හැකි. එම සංවිධානය වසර 70කට වඩා පැරණිය, ඔහු වු රටේය මහජන සුබසිද්ධිය උදෙසා දුප්පත් ජනතාවට ගෙවල් සාදා දීම අධ්‍යාපනයට උදව් කිරිම යනාදී මාජන සත්කාරක ක්‍රියා සිදු කොට ඇති අතර , මෙසේ නිසි විමර්ශනයකින් තොරව මුස්ලිම් සංවිධාන තහනම් කොට තිබීම මහත් දොම්නසට හේතු වී ඇත. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් නියෝජිතයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම සංවිධාන වලට පනවා ඇති තහංචි ඉවත් කිරීමට කටයුතු යොදන මෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම රටේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් 350 දෙනෙකු පමණ සංසරණය වන බවට පූජ්‍ය සිරිල් ගාමිණී පියතුමාණන් විසින් පවසා ඇති එම නිවේදනය සම්බන්ධයෙන් ජනතාව අතර මහත් භීතියක් ඇති වී ඇති බවත්, එම නිසා ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කොට වාර්තා කරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

වීරකේසරි- ආර්.අයි.එමි.ආර්.එම්.වසීම්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *