මියන්මාරයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් දිවයිනට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා (අප්‍රේල් 23) දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, මියන්මාර රජය සමග පැවති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බවය.

ඒ අනුව (23) දිනයේ මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරුව දක්වා සිංගප්පූරුවට අයත් Q761 යානයෙන් එම ධීවරයන් පිරිස රැගෙන එනු ලබන අතර සිංගප්පූරුවේ සිට Q468 දරන සිංගප්පූරුවට අයත් ගුවන් යානයෙන් ඔවුන් කොළඹට රැගෙන ඒමට නියමිතය.

එමෙන්ම විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ ධීවරයන් මෙරටට පැමිණි පසු නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමට ද කටයුතු සුදානම් කර ඇති බවය.

ඉකුත් පෙබරවාරි මාසයේදී එම ධීවරයින් පිරිස මෙලෙස අත්අඩංගුවට පත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *