බේරුවල පිහිටි කලා පීඨයක අන්තවාදය උගන්වන බව පාපොච්චාරණය කරන මෙන් බලපෑම් කරන බවට කවියකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාමියා නලීමියාවේ අන්තවාදය උගන්වන බවට පාපොච්චාරණය කරන මෙන් තමන්ට බලපෑම් කරන බවට කවියකු වන අහ්නාප් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාමියා නලීමියාවේ අන්තවාදය උගන්වන බවට පාපොච්චාරණය කරන මෙන් තමන්ට බලපෑම් කරන බවට කවියකු වන අහ්නාප් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

බේරුවල පිහිටි ජාමියා නලීමියා කලා පීඨයේ අධ්‍යයන කටයුතු කළ කවියකු හා ගුරුවරයෙකු ද වන අහ්නාප් විසින් තම මූලික අයිතිවාසිකමක් වන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර ඇත.

ඔහු අත්අඩංගුවට ගනු ලැබූ වේ 16.05.2020 යන්න දිනෙහි රාත්‍රී 8.00ට පමණ සිලාවතුර ත්‍රස්තවාදය වැලැක්වීමේ අංශය මගින්ය. තවද එහිදී ඔහුගේ නිවසේ තිබූ ඔහු විසින් රචනා කරන ලද “නව රසම්” කවි පොත් පිටපත් 50ක් ද ,තවත් ග්‍රන්ථ ද අත්අඩංගුවට ගත්තේය.

මෙසේ දිගු කලක් අත්අඩංගුවේ පසු වන ඔහු එම කාලය තුළදී මාංචු සමගම වැඩි කාලයක් පසුවන බවට චෝදනාවක් ද, රාත්‍රී කාලයේදීත් එසේ මාංචු සමඟම සිටීමට සලසා ඇති බවට චෝදනාවක් ද සහිතව මානව අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත.

බේරුවලෙහි පිහිටා ඇති ජාමියා නලීමියා කලායතනයේ අන්තවාදය උගන්වන බවට පාපොච්චාරණය කරන මෙන් අහනාප් හට වද හිංසා පමුණුවන බවට ගොනු කොට ඇති මනු වෙහි සඳහන් කර ඇත.

– Short News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *