වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කෙරෙන නීතිමය රාමුවක් තුළයි – සුසිල් ප්‍රේමජයන්ත

0
ජූලි මුල් සතියේ උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්

ජූලි මුල් සතියේ උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කෙරෙන නීතිමය රාමුවක් තුළ යැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දූරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (19) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව මෙහි සියලු කටයුතු සිදු කරන බැවින් කිසිවිටෙක මෙය වෙනත් රටක භූමියක් වශයෙන් හුවා දැක්වීම වැරදි සහගත බව ද හෙතෙම කීවේය.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුද නැද්ද බවට තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව යැයි ද ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com