සීනි වංචාවට අදාල ආන්දෝලනාත්මක ශත 25 සීනී බද්ද තවත් මාස 06ට දීර්ග කරයි

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි ආනයනයේදී ගෙවිය යුතු, එතෙක් පැවති කිලෝවකට රුපියල් 50ක් වූ ආනයනය බද්ද ශත 25 දක්වා අඩුකරන ලද අතර එම ආන්දෝලනාත්මක ගැසට් පත්‍රය මේ වනවිට තවත් මාස 06කින් දීර්ග කර තිබේ.

එම ගැසට් පත්‍රය අනුව සීනවලට අමතරව ලොකු ලූණු සහ පරිප්පුද එම ශත 25ක බද්දට මෙරටට ගෙන්විය හැකිය.

පසුගිය 2020 වසරේ ඔක්තෝබර් මස 13 වනදා පළමු ගැසට් පත්‍රය මගින් සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු කළ අතර ඉන් මාස තුනකට පසු ජනවාරි 13 වනදා යළිත් එය මාස තුනකට දීර්ග කරන ලදී. ඒ අනුව මේ වසරේ අප්‍රේල් 13 වනදායින් එම මාස තුනද අවසන් වන අතර එතැන් සිට තවත් මාස 06කට මෙලෙස එම ගැසට් පත්‍රය දීර්ග කර ඇත.

සීනි බදු අඩු කිරීමේ වාසිය ජනතාවට නොදී, අදාළ බදු රජයටද අය නොවීම හේතුවෙන් සීනි ආනයනය කළ ව්‍යාපාරිකයන් විසින් අයුතු ලාභයක් උපයා ඇති බවත් එය වංචාවක් බවත් එම වංචාව රුපියල් බිලියන 11ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් අනාවරණය කරන ලදී. පසුව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවෙන් රාජ්‍ය ගිනුම් කාරක සභාවට ලබා දුන් වාර්තාවක් මගින් අනාවරණය වූයේ එම වංචාව රුපියල් බිලියනව 16ක් බවය.

එම වංචාව සම්බන්ධයෙන් මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *