(VIDEO) පාස්කු ප්‍රහාරය දේශපාලන ඉලක්කයක්: කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අන්තවාදීන්, ආගම අන්තවාදී වැඩ සඳහා භාවිතා කර පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උට්ඨානය වූ ජේසු ස්වාමි දරුවන්ගේ ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ මෙහෙය අද පස්වරුවේ

සුසාන භූමියේදී සිදුකෙරුණු අතර ඊට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.

අනෙක් ආගම් පහත හෙලා යම් ආගමක් මතු කිරීමට කිසියම් පිරිසක් උත්සහ ගන්නේ නම් ඔවුන් වඩාත්ම හානි කරන්නේ තමන්ගේම ආගමට බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත් උන්වහන්සේ මෙහිදී පවසා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *