එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පාර්ශව කිපයකින්ම වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම්

පොර්ට් සිටියේ වැඩ අරඹන්න සමාගම් හතරකට අනුමැතිය

පොර්ට් සිටියේ වැඩ අරඹන්න සමාගම් හතරකට අනුමැතිය

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

”වරාය නගර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්”: එජාපයෙන් පෙත්සමක්

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කළේය. මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම්වරයා වෙනුවෙනි. පෙත්සම්වල වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාය.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, වරාය නගරය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රටේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභයක් අත් වනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරන්නේ, ජාතික වැදගත්කමකින් යුතු පනත් කෙටුම්පතක් වන මෙය විනිවිදභාවයකින් තොරව කඩිමුඩියේ ඉදිරිපත් කිරීමට උත්සහ කරන්නේ මන් ද? යනුවෙනි. මෙම වැදගත් කෙටුම්පත අලුත් අවුරුද්ද ආසන්නයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා නිසි විශ්ලේෂණයකට හෝ හැදෑරීමකට අවස්ථාවක් හිමි නොවූ බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව පනත් කෙටුම්පත රටේ ව්‍යවස්ථාවට පටහැනි බවත් එහි අරමුණු ඉටු කර ගැනීමට අපොහොසත් වනු ඇති බවත් පෙන්වා දෙමින් එය අභියෝගයට ලක් කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව හරහා පාලනය වන මූල්‍ය පාලනය සමග මෙය සමපාත නොවන බවත් බලය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ සැලසෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයයි. තවද, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක, අධිකරණ හා විධායක බලතල සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වන වගන්ති උල්ලංඝණය කිරීමක් බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙත්සමක්

මෙම කොටුම් පතෙහි වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටින මෙම පෙත්සම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121(අ) වගන්තිය මගින් යම් පනත් කෙටුම් පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි පරීක්ෂා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමට පුරවැසියන්ට ඇති අයිතිය අනුව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්, නීතීඥ සුනිල් වටගල මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එහි මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ විසිනි.(15) වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී.

තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

එම පෙත්සම මගින් ඔහු අධිකරණයට දන්වා ඇත්තේ, අදාළ විශේෂ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට තර්ජනයක් වන බවය. ඒ හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

වරාය නගරය තුළ ඇති ඉඩම් පැවරීම, එම ඉඩම් විකිණීමේ හා බදු දීමේ බලය අදාළ පනත් කෙටුම්පත මගින් වෙනත් පාර්ශ්වයකට හිමි කර දීම පමණක් නොව වරාය නගරය තුළ සේවය කරන අයගේ වීසා අනුමත කිරීමේ බලය ද වෙනත් පාර්ශ්වයකට හිමි කර දී ඇති බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබේ. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම පෙත්සම මගින් අවධාරණය කර ඇත්තේ, පාර්ලිමේන්තුව සතු රටේ මුදල් පරිපාලනය කිරීමේ බලය වෙනත් පාර්ශ්වයකට ලබා දීම මෙන් ම විශේෂ බදු සහන වරප්‍රසාද හිමි කර දීම රටේ ආර්ථිකයට පමණක් නොව ජාතික ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් බවටය.

පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත ක< යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *