“අපි කියන දේවල් ඒ හැටියටම තේරුම් ගන්න එක වැරදියි” – සරත් වීරසේකර

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මේ වන විට ප්‍රමුඛ පුවතක් බවට පත්ව ඇති දිලුම් අමුණුගමගේ “හිට්ලර්” ප්‍රකාශය සිදු කළේ කවුදැයි තමන් නොදන්නා බව පොලිස් ඇමති සරත් වීරසේකර පවසයි. එසේම දෙයක් තේරුම් ගැනීමේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තේරුම් නොගත යුතු බවද ඔහු කියා සිටී.

“මං දන්නෙ නෑ ඒක කිව්වේ කවුද කියලා. කොහොම වුණත් දෙයක් කිවුවහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක තේරුම් ගන්න එක වැරදියි. සමහරවිට ඒක කියන්න ඇත්තේ අපේ රටේ විනය කියන එක පහලට වැටිල තියෙන්නෙ. උදාහරණයකට බලන්න මාර්ගයේ තියෙන විනය.”

රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු බුද්ධි අංශ ගණනාවක් අයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වන්නේ සරත් වීරසේකරය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *