“ජනපති ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකු විය යුතුයි” කියවෙද්දී හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාට පණිවුඩයක්

"ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි" කියවෙද්දී හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාට පණිවුඩයක්

"ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි" කියවෙද්දී හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාට පණිවුඩයක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් පන්න්නයේ පාලකයකු නොවීම නිසා ජනතාවගේ දෝෂාරෝපණයට හේතුවී ඇති නිසා සමහර අන්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන් 69 ලක්ෂය බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයක හිට්ලර් පාලනයක් ගෙන යාම බවද ( 12) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිවරයා පවසා ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන දිලුම් අමුණුගම රාජ්‍ය ඇමතිවරයා…

”ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවා නම් කරන්නේ ජනතාව බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වුණාම යම් මටටමක ඒකාධිපති පාලනයක් ගෙන යයි කියල. ගරුතර මහා සංඝරත්නය කිව්වා ඒ කාලේ හිට්ලර් කෙනෙක් වුණත් කමක් නැහැ එහෙම වුණොත් හොඳයි කියල. නමුත් මේ හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපණ වලට හේතුවෙලා තියෙන්නේ. ඒක මම වුණත් පිළිගන්නවා. මොකද එතුමාට ජන්දය දීපු 69 බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදිහක හිටලර් කෙනෙක් විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියල. එහෙම නොවුණහම එතුමාට දොස් කියනවා. එතුමාගේ කැමැත්තක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ එක සැරේ හිට්ලර් කෙනෙක් වෙන්න. සමහරක් අංශ ක්‍රියාත්මක වෙන විදිහ අනුව එතුමා හිට්ලර් කෙනෙක් දක්වා තල්ලු කෙරුවොත් එතුමා හිට්ලර් කෙනෙක් වෙයි. එතකොට කවුරුත් දොස් කියන්නේ නැති වෙයි. කටයුතු හොඳින් ක්‍රියාත්මක වෙයි.” යනුවෙන් පවසා ඇත.

හිට්ලර් ඉපදුණු රටෙන් ප්‍රතිචාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයට හිට්ලර් ඉපදුණු රට වූ ජර්මනිය වහාම ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබරුට් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් අවධාරණය කොට ඇත්තේ මිලියනයක පමණ ජනතාවකගේ මරණවලට හිට්ලර් වගකිවයුතු බවකි.

එවැනි හිට්ලර් වැන්නකු කිසිදු දේශපාලඥයකුට පරමාදර්ශ චරිතයක් නොවන බවද ජර්මානු තානාපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *