ඉන්දු – ලංකා පොලිස් ප්‍රධානීන්ගේ (Virtual) හමුවක්: තීන්දු රැසක් අරන්

ඉන්දු - ලංකා පොලිස් ප්‍රධානීන්ගේ (Virtual) හමුවක්: තීන්දු රැසක් අරන්

ඉන්දු - ලංකා පොලිස් ප්‍රධානීන්ගේ (Virtual) හමුවක්: තීන්දු රැසක් අරන්

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රධානීන්ගේ පළමු නියෝජිත මට්ටමේ අතත්‍ය (Virtual) හමුවක් පසුගියදා පවත්වා තිබේ. ඉන්දියානු නියෝජිත පිරිස ඉන්දීය බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂතුමා විසින්ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වය යටතේ ද මේ සඳහා සහභාගී වී ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන පටු මුහුදු මාර්ගය අයුතු ලෙස භාවිතා කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව දෙරටෙහි පොලිස් නිලධාරින් විසින් ගනු ලබන පියවර අගය කරමින් දෙපාර්ශවයම තත්කාලීන බුද්ධි තොරතුරු සහ ප්‍රතිචාර බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළේය.

ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන සහ සැඟවී සිටින අපරාධකරුවන් ඇතුළු කොතැනක හෝ ක්‍රියාකාරී ත්‍රස්තවාදී සංවිධානයන්ට එරෙහිව එක්ව කටයුතු කිරීමට ද දෙපාර්ශවය එකඟ විය.

පවතින සහයෝගීතා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට ද පවතින සහ ඉදිරියේදී මතුවන ආරක්ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා “නොඩල් ලක්ෂ්‍ය” (nodal points) පිහිටුවීමට ද මෙහිදී තීරණය කෙරිණ.

දෙපාර්ශවයේම වෙනත් ආරක්ෂක නියෝජිතායතනයන්හි සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව පොලිස් ප්‍රධානීන්ගේ සංවාදය පිහිටුවාලීම දෙරටෙහි පොලිස් බළකායන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවනු ඇති අතර තම ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට ද සහය වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *