මත්තල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරයි: ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

මත්තල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරයි: ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

මත්තල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරයි: ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය, (අප්‍රේල් 12) අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. රක්ෂිත භූමිය තුළ පිහිටා ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සතු භූමි ප්‍රමාණය ඉන් ඉවත් කොට තිබීම විශේෂත්වයකි.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව ගොවීහු විරෝධතා දැක්වීම ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මාසයේදී ය.

අවස්ථා කිහිපයකදී එම විරෝධතා මාරාන්තික උපවාසවල ද නියැළුණහ. දේශපාලන බලධාරීන් අවස්ථා කිහිපයකදී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට විරෝධතාකරුවන් හා සාකච්ඡා කළ ද එය එතරම් සාර්ථක වූයේ නැත. තම ඉල්ලීම් ලැබෙනතුරු ගොවීහු ඇරැඹූ විරෝධතාවයට අප්‍රේල් 12) දිනට දින 86ක් සම්පූර්ණ විය.

හෙක්ටයාර විසිතුන් දහස් හත්සිය හතළිස් හයක භූමි ප්‍රමාණයක් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ගැසට් කොට තිබේ. නමුත් එම භූමිය තුළ පිහිටා ඇති හෙක්ටයාර අටසිය අසූ හයකින් යුත් මත්තල ගුවන් තොටුපොළ සඳහා වෙන් කෙරුණු භූමි ප්‍රමාණය ඉන් ඉවත් කොට තිබේ. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අයත් සූරියවැව ලුණුගම්වෙහෙර හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ වන අලි කළමනාකරණ රක්ෂිතය පිහිටා ඇති බව එම ගැසට් පත්‍රයේ සඳහන් වී ඇත.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කෙරුණ ද වල්සපුගල වල්සපුගල ඇරඹූ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඔවුහු තීරණය කොට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් සත්‍යග්‍රහයේ නිරත ගොවියකු මෙසේ පැවසීය.

“මේ ගැසට් පත්‍රය පිළිබඳව අපිට ගැටලු රාශියක් තියෙනවා. අපි ඉල්ලා සිටියේ අලි කළමනාකරණ රක්ෂිතය හෙක්ටයාර විසිපන් දහසක් ගැසට් කරන්න කියලා. ආණ්ඩුව මේ මොහොත වෙන කොට ගැසට් කරලා තියෙන්නේ හෙක්ටයාර විසිතුන් දහස් හත්සියයකට ආසන්න ප්‍රමාණයක්. රජය මේ වෙනකම් අපිව දැනුවත් කරලා නැහැ. මේ අඩු කරලා තියන බිම් ප්‍රමාණය මොනව ද කියන එක ගැන. ඒ නිසා ගොවි සංවිධාන විධිමත් දැනුවත් කිරීමක් කරන්න. එහෙම කළොත් තමයි අපේ සත්‍යග්‍රහය අවසන් කරන්නේ. එහෙම නැතිව ගොවි සංවිධාන 86 ආරම්භ කළ මේ සටන නතර කරන්න සූදානම් නැහැ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *