Type to search

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ශ්‍රී ලංකාවට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බෙයිජිං නුවර සිටින තානාපති පාලිත කොහොන මහතාත් චීන සංවර්ධන බැංකුවත් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේය.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය.

මෙම ඩොලර් මිලියන 500ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වේ. එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවිය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *