පිළිකා කාරක අඩංගු තවත් පොල්තෙල් තොගයක් ආනයනය කරලා

“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු තවත් පොල්තෙල් තොගයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. මෙම පොල්තෙල් තොගයද ආනයනය කර ඇත්තේ “ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික සමගමකින් බවද වාර්තා වේ.

එම සමාගමට අයත් පොල්තෙල් තොගය කින් ලබාගත් සාම්පල් දෙකක ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට වාර්තාවක් මගින් දැනුම්දුන් බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කරන බවට පළමුවෙන්ම චෝදනා එල්ල වූයේද මෙම සමාගමටම බවද වැඩිදුරටත් වාර්තා වේ,
-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *