සහන මල්ලට අපහාස කළ අයගෙන් රු. කෝටි 50ක වන්දි ඉල්ලනවා ලු

සතොස හරහා රු. 1000කට ලබා දුන් සහන මල්ලට අපහාස කළ පුද්ගලයින්ට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු අද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, සහන මල්ලට අපහාස කළ අයගෙන් රු. කෝටි 50ක වන්දියක් ඉල්ලා එන්තර වාසි යවා ඇති බවය.
මේ අතර, මෙම සහන මල්ලේ ඇතුළත් තේ කොළ ඇතුළු භාණ්ඩ කිහිපයකට අපහාස කළ බවට අදාළ සමාගම් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *