රුපියල් දහසේ සහන මල්ල පිළිබඳව බොරු කතා කියන අය අත්අඩංගුවට ගත යුතුයි – බන්දුල ගුණවර්ධන

සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

රුපියල් දහසේ සහන මල්ල පිළිබඳව සිතා මතා ද්වේශ සහගතව බොරු කතා කියන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හරහා ප්‍රශ්න කළ යුතු බව බන්දුල ගුණවර්ධන පවසයි. ඇමතිවරයා මේ බව කියා සිටියේ (09) පාර්ලිමේන්තුවේ දී සහන මල්ල පිළිබඳව අදහස් පළ කරමිනි.

“රුපියල් දාහේ භාණ්ඩ වර්ග 12ක් සහිත සහන මල්ල ලබාදීම පිළිබඳව මම හඳුන්වා දීමේදී කියා සිටියේ එම සහන මල්ල සති දෙකකට සෑහෙනවා කියලයි. ඒ බඩු මල්ල පවුලකටද කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වහම මම ඒකට ඔව් කිව්වා. ඒක මගේ අතින් කියවුනා. ඒ වෙලාවෙම සතොස සභාපතිතුමා මට කිව්වා ඒ බඩු මල්ල එක් අයෙක් සඳහා කියලා කියන්න කියලා. ඒක තමයි දැන් විකාර රූපී ලෙස අර්ථකථනය කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව විකාරරූපී බොරු ප්‍රචාර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරලා සාධාරණයක් ඉටුකළ යුතුයි.

පාරිභෝගික සේවා අයිතීන් සුරැකීමේ සංවිධානයේ සූක්ෂ්ම කපටි අඥාන මනුස්සයෙක් බඩු මල්ල ගැන රාජ්‍ය විරෝධී කතා කියලා තිබෙන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *