කොවිඩ් වැළඳුනු සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට මානසික රෝග

කොවිඩ් – 19 රෝගය වැළඳුනු සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට දිගුකාලීනව විවිධ මානසික රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවට නවතම පරීක්‍ෂණයකින් පෙන්වා දී ඇත. මානසික අවපීඩනය, ඩිමෙන්ෂියාව වැනි රෝගී තත්ත්වයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

කොවිඩ් – 19 වෛරසය වැළදී සුවය ලැබූ අයගෙන් සියයට 34ක පිරිසක් මාස 06ක පමණ කාලයකදී එවැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතින බවට දැක්වේ.

‘ද ලැන්සෙට්'(THE LANCET) නැමැති මනෝ විද්‍යාත්මක සඟරාව මගින් මෙම අනාවරණය සිදු කර ඇත.

කොවිඩ් – 19 වෛරසය වැලදී සුවය ලැබූ පුද්ගලයින් 236,379 දෙනෙකුගෙන් මාස 6 ක දී සිදු කළ ස්නායු හා මනෝ චිකිත්සක පරික්‍ෂාවන්ගෙන් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

මානසික රෝග
මානසික රෝග

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *