“පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු තවමත් හඳුනාගෙන නැහැ” රවුෆ් හකීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

"පාස්කු ප්‍රහාරය චිත්‍රපටයක්; පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු තවමත් හඳුනාගෙන නැහැ" රවුෆ් හකීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

"පාස්කු ප්‍රහාරය චිත්‍රපටයක්; පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු තවමත් හඳුනාගෙන නැහැ" රවුෆ් හකීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු තවමත් හඳුනාගෙන නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, (අප්‍රේල් 7) පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය මහ මොළකරු කවුරුන් ද යන වග තමන්ට සාධක ඇතිව ඔප්පු කළ හැකි බවය.

“අපේ අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන් කියනවා නෞෆර් මවුලවි මාස්ටර් මයින්ඩ් බිහයින්ඩ් ඊස්ටර් ඇටෑක්ස්. දැන් මහ මොළකරුවා හඳුනාගෙන ඉවරයි. මං නම් කියන්නේ මේකයි. මං සාධක ඇතුව ඔප්පු කරන්නම්, මේ මහ මොළකරු තාම හඳුනාගෙන නැහැ, ඊට වඩා මහ මොළකරුවන් ඉන්නවයි කියන එක මේ කොමිසන් වර්තාවෙන් ම අපිට සනාථ කරන්න පුළුවන්.”

ඒ සඳහා වූ විමර්ශන ක්‍රියාත්මක කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර තිබියදීත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරය මහ මොළකරු කවුරුන් ද යන වග තීරණය කර අවසන් බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ ය.

“මෙතුමා කියන කතා අනිද්දා නැවත වාරයක් ආපස්සට හරවා ගනියි. මීට කලිනුත් මේ වගේ කියමන් කිහිපයක් කිව්වා. කියලා අනිත් දවසේ ඒක ආපස්සට හරවනවා. නමුත් මෙතන නම් යම් උවමනාවක් තියෙනවා මේ චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදක, සංස්කරණය, තිර රචක හැමදෙයක් ම කළේ මේ නෞෆර් මවුලවි කියන තැනැත්තාය කියලා මේ තැනැත්තා උඩ පටවන්න හදනවා.

මේ තැනැත්තා තිර රචකයා වෙන්න පුළුවන්. ඒ වගේ ම ප්‍රධාන නළුවා සහරාන් වෙන්න පුළුවන්. ඒ වගේ ම සහායක නළුවන් තව හත් අට දෙනෙක් සියදිවි නසාගෙන මැරිලත් ඇති. ඒ වගේ ම සහයක නිළියක් සාරා කියන නිළිය අතුරුදහන් වෙලා. ඒ අතරතුරදී නිෂ්පාදකයා කවුද කියන එකයි ප්‍රශ්නය. මේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය දෙආකාරයකින් සිදු වෙලයි කියන එක මෙතන ඉතා ම පැහැදිලිව මට උපුටා දක්වන්න පුළුවන්.”

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රහාරයට සම්බන්ධ වූවන් හෙළිකර ඇතත් එම ප්‍රහාරයේ සැඟවුණු හස්තයන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවත් ත්‍රස්ත ප්‍රහාරය කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය පිළිබඳව අනාවරණය කළ යුතු බවත් රවුෆ් හකීම් මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරකයින් කිහිපදෙනෙකු බුද්ධි අංශය හුරතල් කර ඇති බවත් බුද්ධි අංශය පිළිබඳ සාධාරණ සැකයක් මතුවන බවත් බුද්ධි අංශයේ විශිෂ්ඨ මුස්ලිම් නිලධාරීන් කටයුතු කළ බවත් සමස්ථ බුද්ධි අංශයට මෙය අදාල නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙය සහමුලින්ම ත්‍රස්ත ප්‍රහාරයක් බවත් මෙය වුවමනාවකට පාවිච්චි කරපු ඉත්තෝ පිරිසක් බවද එනිසා මේ පිළීබඳව හරි විශ්ලේෂණයක් සිදුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙම කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකරන බවත් යම් ගැටලු තැන් තිබෙන බවත් මන්ත්‍රීරයා වැඩිදුරටත් පැවසීය.

සම්පුර්ණ් කතාව :

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *