රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ මිලියන 06ක් ලංකාවට

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 06ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

එම එන්නත් තොගයට අමතරව එම මිලටම තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට එලෙස අනුමැතිය හිමිව තිබේ. එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *