ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන වලට විරුද්ධත්වය; රටෙහි විවිධ තැන්හි උද්ඝෝෂණයන්

ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනවලට විරුද්ධව රටෙහි විවිධ ප්‍රදේශයන්හි උද්ඝෝෂණ පවත්වනු ලැබිණි. මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයන්හි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් වලට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයන් ගෙන යන ලදී.

නැගෙනහිර ජනතා ව්‍යාපාරය මගින් මෙම විරෝධතා පෙරහුරුව සංවිධාන කරනු ලැබිණ.

පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපස සිට ආරම්භ කරන ලද මෙම පෙරහුරුව පුදුකුඩිඉරුප්පු නගර මධ්‍යයට පැමිණ පසු ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් හා අත් පත්‍රිකා ද බෙදාහරින ලදී.

එමෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවෝ මුහුණ දෙන ප්‍රශ්න සහ ගැටළු වලට නිත්‍ය විසදුම් ලබාදෙන ලෙස මුලතිව් ප්‍රාදේශ සභාව ඉදිරිපිට දී ද උද්ඝෝෂණයක් ගෙන යන ලදී.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් මෙම විරෝධතා උද්ඝෝෂණ ගෙන යන ලදී.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව උද්ඝෝෂණයක් කිලිනොච්චි නගරයේ දී සංවිධානය කර තිබිණ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩා විදින කාන්තාවන් ලක්ෂ 28ක් පමණ රට පුරා විසිරී සිටින අතර , රජය ඔවුන්ට සහන සැලසිය යුතු බවට එම උද්ඝෝෂණයේදී දැඩි ලෙස ප්‍රකාශ කර සිටියෝය.

මඩකලපුව,සෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යටත් කිංදුල ප්‍රදේශයේ දී ද උද්ඝෝෂණයක් පවත්වන ලදී,
එහි දී,රාජ්‍ය නොවන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් විසින් දෙන ලද අධික පොලී අනුපාතික ණය නිසා ජන ජීවිතය පවා අඩාල වී ඇති බවත් මෙසේ පීඩා විදින ජනතාවට සහන සලසන මෙන් ද උද්ඝෝෂණ කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *