ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාව 116 වන ස්ථානයේ

ලොව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් 156ක් අතරින් ශ්‍රී ලංකාව 116 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ලෝක ආර්ථික සමුළුවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ 2021 වාර්තාවට අනුවයි.

එහි කාණ්ඩ කිහිපයක් යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් ස්ථාන ගත කර තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව ආර්ථිකමය අවස්ථා හිමිවීම අතින් ශ්‍රී ලංකාව 132 වන ස්ථානයේ පසුවනවා.

අධ්‍යාපනික අවස්ථා හිමිවීම අතින් 88 වන ස්ථානයේත් සෞඛ්‍ය අතින් 30 වන ස්ථානයේත් පසුවනවා.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව දේශපාලන බලගැන්වීම් අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 90 වන ස්ථානයේයී.

කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවල් අතර ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 03 වන ස්ථානයේයි.

බංග්ලාදේශය දකුණු ආසියාවේ එම පරතරය අවම රට ලෙස පළමු තැන පසුවන අතර නේපාලය එහි 2 වන ස්ථානයේ පසු වනවා.

අසල්වැසි ඉන්දියාව දකුණු ආසියාතික රටවල් අතර 06 වන ස්ථානයේත් පාකිස්ථානය 07 වන ස්ථානයේත් පසුවන අතර එහි අවසන් තැන පසු වන්නේ ඇෆ්ගනිස්ථානයයි.

ලොව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් 156 ක් අතරින් පළමු තැනට පත්ව සිටින්නේ අයිස්ලන්තය වන අතර අවසන් ස්ථානයේ එනම් 156 වන තැන රැඳී සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *