අම්පාර වඳ කොත්තු සිද්ධිය: සරත් වීරසේකරට විරුද්ධව CIDට පැමිණිල්ලක්

අම්පාර වඳ කොත්තු සිද්ධිය: සරත් වීරසේකරගෙන් ප්‍රශ්න කරන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනමේන් CIDට පැමිණිල්ලක්

අම්පාර වඳ කොත්තු සිද්ධිය: සරත් වීරසේකරගෙන් ප්‍රශ්න කරන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනමේන් CIDට පැමිණිල්ලක්

අම්පාරේදී වඳ කොත්තු සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කර සම්පූර්ණයෙන්ම ජාතිවාදී කලහයක් ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් පොලිස් ඇමති සරත් වීරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ප්‍රකාශයකට අදාළව නිකුත් වී ඇති හඩ පටයක්ද සහිතව එම පැමිණිල්ල ගොනු කර ඇති අතර පැමිණිලිකරුවන් සඳහන් කරන්නේ පැමිනිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් එම පරීක්ෂණයෙන් ඔහු නිවැරදි කරුවෙකු බව තහුවරු වන තුරු පොලිස් ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙසත්ය.

අම්පාරේදී වඳ කොත්තු සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කර සම්පූර්ණයෙන්ම ජාතිවාදී කලහයක් ඇති කිරීමේ මූලිකත්වය ගනු ලැබූවේ සරත් වීරසේකරගේ රාජ්‍ය නොවන සංවිධානයක් බව එම හඬපටයෙන් කියැවේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ එම සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් සහ මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ යන දෙදෙනා විසිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *