යුද්ධය අහවර වීමත් සමඟම දෙමළ ජනතාවටත් වඩා ආණ්ඩුවේ ඉලක්කය වූයේ මුසල්මානුවන්ය – ගජේන්දර කුමාර්

රිෂාඩ්ට විරුද්ධව නිසි සාක්ෂි ආණ්ඩුවට තිබේනම් රටේ පවතින පොදු නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න - ගජේන්ද්‍ර කුමාර්

රිෂාඩ්ට විරුද්ධව නිසි සාක්ෂි ආණ්ඩුවට තිබේනම් රටේ පවතින පොදු නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න - ගජේන්ද්‍ර කුමාර්

යුද්ධය අවසන් වීමත් සමඟම දෙමළ ජනයාටත් වඩා මුස්ලිම් ජනතාව පීඩාවට පත් කිරීමට ආණ්ඩුව ඉලක්ක ගතව ක්‍රියා කළේය. ජාතිවාදී බෙදීමකට මෙන්ම ඉස්ලාම් ආගමට විරෝධී ප්‍රචාරයන් ද ඉතා තීව්‍ර ලෙස සැලසුම් කොට ඇති බවට කවුරුත් දන්නා කරුණකි. මෙවැනි ක්‍රියාදාමයක් ආණ්ඩුව විසින්ම ක්‍රියාත්මක කරන බවට කිසිවෙකුටත් රහසක් නොවේ, මෙසේ ප්‍රකාශ කළේ දෙමළ ජාතික මහජන පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසිනි.

පාර්ලිමේන්තුවේ පවත්වනු ලැබූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් එළිදැක්වූ වාර්තාව සම්බන්ධයෙන් පැවති විවාදයේ දෙවනි දිනයේ දී ය.

තවද ,පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කතා පැවැත්වූ සියලු දෙනා පාස්කු බෝම්බ ප්‍රහාරය හා ඒ සඳහා පත්කළ ජනාධිපති කොමිසන් සභාව හා එහි වාර්තා පිළිබඳව ද එම කොමිසන් සභාව විමර්ශනය පැවැත් වූ ආකාරය පිළිබඳව ද කතා කළ ද එම පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සිදුවු ක්‍රියාදාමයන් පිළිබඳව හෝ මේ රටෙහි ඇතිවන්නාවූ නව සංස්කෘතිය පිළිබඳව හෝ කිසි කෙනෙක් සඳහන් නොකල බවද ,මෙම සිදුවීම ට හේතුකාරක වූ ,පදනම් වූ සැබෑ හේතුව කුමක්දැයි කිසි කෙනෙකු සඳහන් කිරීමට වෙරදැරුවේ නැති බවත් ඔහු චෝදනා කළේය.

මෙම වාර්තාව විශ්වසනීයත්වයෙන් යුක්ත වුවත් කිසිම තේරුමක් නැති වාර්තාවක්ම වේ යැයි ඔහු සදහන් කළේය.

තවද ඔහු සඳහන් කර සිටියේ තමාට පෙර කතා පැවැත්වූ ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළ ආකාරයට, යුද්ධය පවතින කාලවකවානුවේදී මුස්ලිම් දේශපාලන නායකත්වය බොහෝ අවස්ථාවල දී රජය සමග එකට ක්‍රියා කළ බවත් එය සත්‍යයක් බවත්, එහිදී දෙමළ ජනතාව සැලසුම් සහගතව පීඩනයකට නතු කරන බව දැන දැනත් මුස්ලිම් ජන නායකයින් මෙසේ ක්‍රියා කිරීම දමිළ ජනතාවගේ ආවේශය ත්‍රීව්‍ර කිරීමට හේතු වූ බවද කියා සිටියේය.

මුස්ලිම් විශ්වාසවන්තයින් රාජ්‍ය ඔත්තු සේවය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළ ද, යුද්ධය අවසන් වීමත් සමගම පෙරළා ඉලක්ක ගත වූයේ දෙමළ ජනයා නොව මුස්ලිම් ජනතාවයි.
රජයට විශ්වාසවන්ත වී සිටි එම ජනතාව පැසිස්ට්වාදී ලෙස ඔවුන් මෙල්ල කිරීමට තැත් කිරීමේදී පෙරළා පිළිතුර විය හැක්කේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් ම වේ. සිංහල බෞද්ධ ජාතිකවාදය ජාතිවාදී වී හමාරය,මෙම අන්තවාදී ක්‍රියාදාමය අන්‍යයන් ඉලක්ක ගත කොට ‍පීඩනය පත් කිරීම ම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔබලාගේ සංකේතයන් සලකුණු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු දෑ සිදු කරන්න සිංහල බෞද්ධ ජනතාව වෙසෙන්නේ මෙරටේ පමණක් බවද, ඔවුන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන සියලු දෑ කිරිමට හැකි බවද, එහෙත් මෙරට සිංහල බෞද්ධයන්ට පමණක් ම යන සටන් පාඨය තවදුරටත් ඉදිරියට ගෙන යතොත් සිදු විය හැක්කේ, අනෙකුත් ජාතීන් ත්‍රස්තවාදය කරා යූභ යොමු වීම හැර අන් කිසිවක් නොව බවත්, මෙය නොවැළැක්විය හැක්කක් යැයි ද සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *