ගල්කිස්සේ වැලිපරය ප්‍රතිනිර්මාණය වෙලා

ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිනිර්මාණය වී ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි.
කෙසේ වෙතත් ව්‍යාපෘතියට අදාළව සාර්ථක තැන් අසාර්ථක තැන් වැරදුණු තැන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ආචාර්ය සුගත් යාලේගම මහතා කියයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය සැකසීම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
ගල්කිස්ස හෝටලය ආසන්න වෙරළ කලාපයේ මුහුදු තරංග හේතුවෙන් අධිකව ඛාදනයට ලක් වී තිබුණු හෙයින් වැලි ප්‍රවාහය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැවැත්වුණු බව ව්‍යාපෘතියේ නිවැරදි තැන් ලෙස හුවා දක්වමින් පැවසූ ඒ මහතා ගල්කිස්ස වෙරළ තීරය භාවිතා කරන සංචාරකයින් සහ දුම්රිය මගින් මෙන්ම හෝටල් හිමියන්ගෙන් වරින් වර ලැබුණු ඉල්ලීම් මෙන්ම වෙරළ රැක ගැනීමේ අවශ්‍යතාව නිසා මෙම වෙරළ තීරය සැකසීමේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කළ බවද පැවසීය.