(video) “ආන්දෝලනාත්මක සිංහරාජ ඉඩමට කොහොමද සින්නක්කර ඔප්පුවක් දුන්නේ” – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

(video)"ආන්දෝලනාත්මක සිංහරාජ ඉඩමට කොහොමද සින්නක්කර ඔප්පුවක් දුන්නේ" – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

(video)"ආන්දෝලනාත්මක සිංහරාජ ඉඩමට කොහොමද සින්නක්කර ඔප්පුවක් දුන්නේ" – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

සිංහරාජ වනාන්තර සීමාවේ අක්කර ගණනක් විනාශ කරමින් එළිකරනු ලැබූ ඉඩමට තිබෙන ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ඉඩම් සඳහ ජය භූමි, ස්වර්ණ භූමි ඔප්පු තිබියදී එළිකරනු ලැබූ ඉඩමට පමණක් සින්නක්ක ඔප්පු තිබෙන්නේ කෙසේදැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ප්‍රශ්න කරයි.

මේ මොහොතේ සිදුවන වන විනාශයට එරෙහිව කටයුතු කරනු ලබන දේවානි ජයතිලක රාජ්‍ය නිලධාරිනියටත්, සිංහරාජ වනාන්තරය විනාශ කරමින් හෝටල් ඉදිකිරීමට සූදනම් වීම පිළිබඳව හඬ අවදි කළ භාග්‍යා අබේරත්න තරුණියටත් එරෙහිව ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වන මර්දනයට විරෝධය පළ කිරීම සඳහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය (26) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති, සරෝජා පෝල්රාජ්, එම සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ යන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

සරෝජා පෝල්රාජ් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් “රටේ සම්පත් ආරක්ෂා කළ යුතු ආණ්ඩුවක්, ඒවා විනාශ කරන්න දායක වෙනවා කියන එක, බරපතළ තත්වයක්. රාජ්‍ය නිලධාරිනියක් වන, දේවානි ජයතිලක දැන් අවුරුද්දක් විතර තිස්සේ හැප්පෙන හැප්පිල්ල ගැන අපි දන්නවා. මුලින්ම කඩොලාන බිම් ගොඩකරන්න එපා කියලා අරගල කරද්දී, එවකට හිටපු සනත් නිශාන්ත ඇමතිවරයාත් එක්ක ඇතිවුණු ගැටීම ආරම්භක සිද්ධියයි. කුඩු ව්‍යාපාර පිළිබඳ චෝදනා එල්ලවෙලා තිබෙන ලංසා රාජ්‍ය ඇමතිවරයා නිලධාරිනියට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. අයිතීන් උදෙසා කාන්තාවන් හැටියට දැඩි පිළිකුලෙන් යුතුව ඒ තුච්ඡ දේශපාලනඥයාගේ ප්‍රකාශය හෙළා දකිනවා. මෙය මේ රටේ රාජ්‍ය සේවයට එල්ල කළ මරු පහරක්, හැටියට අපි දකින්නේ. මේ රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ අයිතිය වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ හැටියට “පරිස්සමින් ඉන්න” කියලා අපි කියනවා. රාජ්‍ය සේවකයන් සියලු දෙනා එක්ක, සියලු කාන්තාවන් පාරට බහින්න අපි සූදානම්. එතුමා වගේ අයට අපි කවුද කියන එක පෙන්වන්න සූදානම්. යැයි පැවසීය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…

“ලෝකයේ සමහර රටවල නායකයෝ පරිසරය ආරක්ෂා කරන්න ක්‍රියාකරද්දී, අපේ රටේ නායකයෝ විනාශයන්ට මුල් වෙනවා. වන විනාශයක් එක්ක බරපතළ තත්වයක් ඇති වී තිබෙනවා. එක්දහස් අටසිය ගණන්වලදී රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක් වනාන්තර තිබ්බා. 2000 වෙද්දී 29%ට අඩුවෙලා. 2020 වෙද්දී මුළු වනාන්තර බිම් ප්‍රමාණය 20% දක්වා වනාන්තර අඩු වෙලා. 2021 වෙද්දී කෙතරම් අඩුවෙලාද කියලා අපි දන්නේ නෑ. මිනිසාගේ අවශ්‍යතා සඳහා රටක මුළු භූමි ප්‍රමාණයෙන් 35%ක් වනාන්තර තියෙන්න ඕනෑ කියලා පිළිගෙන තිබෙනවා. මිනිසා ඇතුළු ජීවයේ පැවතීමේ හැකියාව තියෙන්නේ එහෙම වුණොත් විතරයි. ලෝකයේම වනාන්තර වීමේ ප්‍රතිඵලයක් විදිහට 2100 වන විට ලෝකයෙන් ජීවීන් තුරන් වෙන්න පුළුවන් කියනා විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. හරිම භයානක තැනක වන විනාශය තියෙන්නනේ.

හඬ අවදි කළා. භාග්‍යා කියන්නේ එයින් එක්කෙනෙක්. තමන්ගේ වැඩිහිටියන්ට, දැනෙන්නේ නැති දේ තමන්ට දැනෙන බව ඇය කීවා. සිංහරාජයේ සිද්ධ කරන ඇස්පනාපිට විනාශයට එරෙහිව ඇය හිටගත්තා. හැබැයි ආණ්ඩුව භාග්‍යාගේ ගෙදරට පොලිසිය යැව්වා. තවත් නිලධාරීන් ගෙනල්ලා බය කළා. ග්‍රේටා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙනියලා හඬ අවදිකරන්න අවස්ථාව ලබාදෙද්දී අපේ රටේ භාග්‍යා වැනි අයගේ හඬ යටපත් කරන්න පොලිසිය යැව්වා. මේ වගේ නැගිටීම් යටපත් කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි මේ වගේ අයගේ හඬ නැඟීම්වලට සංවිධාන හදලයි තියෙන්නේ. අපි අදත් හෙටත් මේ කාර්යභාරය කරගෙන යනවා.

ඒ වගේම දේවානි ජයතිලක, ගම්පහ අඩවි වන නිලධාරීතුමියට රජයේ දේශපාලනඥයින් දිගින් දිගටම බලපෑම් කරනවා. රාජ්‍ය නිලධාරිනියක් විදිහට පරිසරය ආරක්ෂා කර ගන්න ඇය මැදිහත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන භූමියේ තිබෙන පඬුකරඳ ගහ රතු දත්ත පොතේ තිබෙන ශාකයක් කියලා ඇය හෙළිකළා. සමහර දේශපාලනඥයෝ රතු දත්ත පොත ගැන දැනගත්තෙත් ඇයගේ හඬ අවදි කිරීමෙන්. මේ නිසා දේශපාලනඥයන් දිගින් දිගටම ඇයට පරිභව කළා. නිමල් ලංසා කියන රාජ්‍ය ඇමතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී “මේ පිස්සු ගෑනි” කියලා ඇයට පරිභව කළා. මේ අපහාස කරන්නේ ගම්පහ අඩවි වන නිලධාරීතුමියට. ඇය රාජ්‍ය නිලධාරිනියක්. අදාළ කටයුතුවලට මැදිහත් වන රාජ්‍ය නිලධාරිනියක් වගේම උගත් ගැහැනියක්. මවක්. පරිසරයට ආදරය කරන ඒ වෙනුවෙන් හඬ අවදි කරන කෙනෙක්. නිමල් ලංසා වගේ ඉතාමත්ම පහත් විදිහට හිතන, නූගත් ඇමතිවරු ප්‍රසිද්ධියේ “පිස්සු ගැහැනියක්” කියලා ඇයට පරිභව කරනවා නම් එය සියලු රාජ්‍ය සේවකයන්ට කරපු අපහාසයක්.” යැයි පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *