ආණ්ඩුව සටන පටන් ගනී: දෙමළ ඩයස්පෝරා සංවිධාන රැසක් වහා තහනම් කරයි

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රබල සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් රජය විසින් තහනම් කර තිබේ.

ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කර ඇත.

මින් ඇතැම් කණ්ඩායම් 2014 දී තහනම් කරන ලද නමුත් 2015 දී රජය විසින් නැවත ලැයිස්තුගත කර තිබිණ.

2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 (4) යටතේ ඒවා තහනම් කර ඇත.

සංවිධාන තහනම් කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් අත්සන් කර තිබේ.

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක වෙසෙන පුද්ගලයින් ගණනාවක්ද රජය විසින් මෙම තහනම් ලයිස්තුවට ඇතුළත් කර තිබේ.

තහනම් කරන ලද අය අතර ජීටීඑෆ් ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ද සිටී.

හිටපු රජය විසින් ඇතැම් ඩයස්පෝරා කණ්ඩායම් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසුව සුරේන් සුරේන්ද්‍රන් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහ උතුරේ සංවර්ධනයට ඔවුන්ගේ සහය පැතීමේ උත්සාහයක් ලෙස හිටපු රජය මධ්‍යස්ථ යැයි සැලකෙන බොහෝ කණ්ඩායම්වව තහනම ඉවත් කොට තිබිණ.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව මෙම කණ්ඩායම් තවමත් ත‍්‍රස්තවාදයට සම්බන්ධ බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසත් සලකයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජිනීවා නුවර රැස්වීම පටන් ගැනීමට මොහොතකට පෙර නවතම තහනම බලාත්මක කර තිබුණි.

දෙමළ ඩයස්පෝරාව මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් වත්මන් පරිපාලනය විවේචනය කර ඇති අතර ජිනීවාහි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දැක්වීම සඳහා බලපෑම් කරමින් සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *