ව්‍යාජ 5000 නෝට්ටු හුවමාරු විය හැකියි , අවධානයෙන් ඉන්න – පොලිස් මූලස්ථානය

නි‍යෝජ්‍ය පොලිස්පතිවරු 06ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරු 06ට හදිසි ස්ථානමාරු

උත්සව සමයේ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හුවමාරු විය හැකි නිසා සියලුම දෙනා ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමුකර කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පසුගිය 21 වැනිදා වාලච්චේන ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5,000 නොට්ටු 20ක් සොයාගත් බවත් මීට අමතරව (22) ව්‍යාජ රුපයල් 5,000 නොට්ටුවක් සමග කඹුරුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

රුපියල් 5,000 මුදල් නොට්ටු ගනුදෙනු කිරීමේදී රුපියල් 5,000 නොට්ටුව තුළ තිබෙන දිය සලකුණු හා කළුපාට දාරය තිබේද යන්න සොයා බලන ලෙසද ඒ මහතා පවසා සිටියේය.

එසේ නොමැති වූ රුපියල් පන්දහසේ නෝට්ටු එක්වරම භාවිතය සිදුනොකරන ලෙසත් රුපියල් පන්දහසේ නෝට්ටු භාවිතයේදී සාමාන්‍ය ජනතාවත් ව්‍යාපාරික ප්‍රජාවත් එම නොට්ටු පරීක්ෂා කර බලා අදාළ ගනුදෙනු සිදුකරන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *