මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක්

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක්

මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පැවැසීය. ඒ අනුව ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත් කිරීම ප්‍රසිද්ධ කරන බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා පවසයි.

නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

මේ වන විට වාහන අංක හතඩුවෙන් පළාත් සංකේතය ඉවත් කිරීමේ ඉදිරි නීතිමය කටයුතු සිදු කරමින් පවතින බව කියා සිටි ඒ මහතා පළාත් සංකේතය ඉවත් කිරීමෙන් පසු වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වීමේදී අංක හතඩුව වෙනස් නොවන බව කියා සිටියේය.

ඒ අනුව වර්තමානයේ වාහන අංක තහඩු නීතියට අනුව

වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වුව හොත් අංක තහඩුව වෙනස් කිරීමට ගෙවිය යුතු වන රුපියල් 2000කට වැඩි අමතර මුදල් වාහන හිමිකරු දැරිය යුතු නොවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *