අගමැතිගේ බංගලදේශ සංචාරයට හේතු කුමක්දැයි සුමන්තිරන් විස්තර කරයි

අගමැතිගේ බංගලදේශ සංචාරයට හේතු කුමක්දැයි සුමන්තිරන් විස්තර කරයි

අගමැතිගේ බංගලදේශ සංචාරයට හේතු කුමක්දැයි සුමන්තිරන් විස්තර කරයි

ජිනීවා සම්මුතිය උදෙසා අනෙකුත් ඉස්ලාමීය රටවල්වල සහයෝගය ලබාගැනීමට බංගලදේශ සංචාරයේ නිරත වූ බවට දෙමළ සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

වව්නියා ප්‍රදේශයේ පිහිටි වැව හා සංචාරක මධ්‍යස්ථාන ආදිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙසේ පැවසුවේය.
තවද ජිනීවාහි ලංකාව සම්බන්ධව ඇති වාර්තාව අද දින ඡන්දයකට යාමට ඇති බවත් එහිදී එම වාර්තාව සම්මත වීම තමන්ගේ කැමැත්ත බවත් කියා සිටියේය. අන්තර්ජාතිකව ලංකාව නිරීක්ෂණයට ලක් වීම මෙයින් සිදු වන බවත් මෙම වාර්තාව අනිවාර්යෙන්ම සම්මත විය යුතු යැයි දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ ය.

මෙම වාර්තාවේ ඇති කරුණු ශක්තිමත් නොවන බව සමහරු ප්‍රකාශ කළත් එක්සත් ජාතික මානව හිමිකම් සම්මුතිය හා එම ප්‍රකාශනයේ ඇති කරුණු හා ඊට සම්බන්ධ අනෙකුත් සාමාජික රටවල් කවුරුන්දැයි අවධානය කරන විට පෙනී යන්නේ මෙම වාර්තාව ශක්තිමත් හා අවශ්‍ය සියලු කරුණු අවධානයට ලක් කර ඇති බවය. එම නිසාම දැනට ප්‍රකාශයට පත්කර ඇති මෙම මානව හිමිකම් වාර්තාව අනිවාර්යෙන්ම ජයගත යුතු බවත් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව නිරීක්ෂණයට ලක් විය යුතු බවත් ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

තම ශරීර සෞඛ්‍යය ද නොතකා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම බංගලදේශ සංචාරය නිරත වූයේ කෙසේ හෝ තම රජයට මුස්ලිම් රටවල සහයෝගය ලබා ගැනීමටත්, ආණ්ඩුව සමඟ අතිනත ගත් සමහර දෙමළ පක්ෂ ද මෙම කර්තව්‍යයට මහත් වෙහෙසක් දරන බවත් ඔහු කියා සිටියේය.
උතුර නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මෙම සම්මුතිය දිනවීම කාලයට උචිත ක්‍රියාකාරකමක් බවත් ලංකාව අනිවාර්යෙන්ම අන්තර්ජාතිකව නිරීක්ෂණයට ලක් විය යුතු බවත් ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *