ලෝකයේ ප්‍රීතිමත්ම රට පින්ලන්තය; අසතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 20 වන තැනට

ලෝකයේ ප්‍රීතිමත්ම රට පින්ලන්තය; අසතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 20 වන තැනට

ලෝකයේ ප්‍රීතිමත්ම රට පින්ලන්තය; අසතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 20 වන තැනට

එක්සත් ජාතීන්ගේ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පළ කරන World Happiness Report අනුව, ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්විට්සර්ලන්තය තුන්වැනි තැනටත්, අයිස්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැනටත් පත්ව ඇත. මේ වසරේ එළිදකින්නේ මෙම වාර්තාවේ වාර්තාවේ 9 වැනි සංස්කරණය වන අතර, මේ වසරේදී වැඩි අවධානයක් කෝවිඩ් වසංගත තත්වය හමුවේ රටවැසින්ගේ මානසික සතුට කෙරෙහි යොමු කර තිබේ.

ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 10 අතරින් යුරෝපියානු නොවන රටකට තිබෙන්නේ නවසීලන්තය පමණි.

මේ අතර, එක්සත් රාජධානිය මේ දර්ශකයේ පසුගිය වසරේ සිටියේ 13 වැනි තැන ය. මේ වසරේදී එය හිමිකර ගෙන තිබෙන්නේ 17 වැනි තැනයි.

Gallup විශ්ලේෂණ පර්යේෂකයන් විසින් මේ ශ්‍රේණිගත කිරීම සිදුකරන්නේ ලෝකයේ රටවල් 149 කට තමන්ගේ ජීවිතවල සතුට පිළිබඳ ලබාදෙන දත්තවලට අනුව ය.

සමාජයීය සහෝගය, පුද්ගලික නිදහස, දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ දූෂණ/අල්ලස් සිදුවන මට්ටම මෙහිදී සැලකිල්ලට ගනියි.

ලෝකයේ අසතුටුම රටවල් – ශ්‍රී ලංකාව 20 වන තැනට!

ලෝකයේ අසතුටෙන්ම පසුවන මිනිසුන් ජීවත් වන රටවල් බවට පත්ව තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයයි.

ලෙසතෝ, බොට්ස්වානා, රුවන්ඩාව සහ සිම්බාබ්වේ ඉන්පසුව අසතුටින් පෙළ ගැසී සිටිති.

ලංකාව සිටින්නේ අසතුටින්ම සිටින රටවල් අතරින්, එනම් මේ දර්ශකයේ අග සිට 20 වැනි තැන ය. එනම් රටවල් 149 අතරින් 129 වන තැන ය. ඉන්දියාව 139 වන ස්ථානයේ පසුවෙයි.

පිටු 212 කින් යුක්ත World Happiness Report සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න
චීනය, 94 වන තැන සිට 84 වන තැන දක්වා ඉහළට ගොස් ඇත. ආසියානු රටවල් කිහිපයක් ඇතුළුව රටවල් 22 ක තත්වය වර්ධනය වී තිබේ.
පින්ලන්තය පින්කාරයි!

පින්ලන්තයේ ජනගහනය මිලියන 5.5 කි. එරට හැඳින්වෙන අන්වර්ථ නාමය ‘විල් දහස් රට‘ යි. එනම් විල් දහස් ගණනක් පින්ලන්තයේ තිබේ. තවද වනාන්තර ද දහස් ගණනක් එහි තිබෙන අතර, ඕනෑම යුරෝපා රටකට වඩා එහි වන වැස්ම අධික ය. පින්ලන්ත භූමියෙන් 70%කට වඩා වැසී තිබෙන්නේ වනාන්තරවලිනි.

ෆින්ලන්තය සිය පරිසරය ගැන කොතරම් උනන්දුදැයි කියන්නේ නම්, එරට ඇති විල් ගණන 188,000 ක් ලෙස ද ගණන් බලා ඇති අතර ඒවා සියල්ලම මැනවින් සංරක්ෂණය වී ඇත. භූමියට සාපේක්ෂව වැඩිම ජල වපසරියක් ඇති රට වන්නේ ද ෆින්ලන්තයයි.

තවද ‘සෑම මිනිසෙකුගේම අයිතිය‘ – Everyman’s right” (Jokamiehen Oikeus) යනුවෙන් යෙදුමක් ද පින්ලන්තයේ තිබේ. එහි අර්ථය වන්නේ ඕනෑම කෙනෙකුට කිසිදු බාධාවකින් තොරව ස්වභාවික පරිසරයේ පහස විඳිය හැකි බවයි.

ෆින්ලන්ත ජනතාව ආහාර පාන සතුටින් භුක්ති විඳින ජාතියක් ලෙස ද ප්‍රකට ය. Restaurant Day යනුවෙන් ජාතික දිනයක් එරට වේ. එදිනට, තමන් කැමති ඕනෑම තැනක අවන්හලක් විවෘත කිරීමේ අයිතිය ඔවුන්ට හිමි ය. තවද යුරෝපයේ වඩාත්ම දිදුලන ආහාර සංස්කෘතිය දැකගත හැක්කේ ද පින්ලන්තයේ හෙල්සින්කි අගනුවර ය.

අවුරුද්දෙන් බාගයක් ම ස්කී ක්‍රීඩාවේ යෙදීමට තරම් පින්ලන්තය හිමෙන් වැසී ඇත. සුප්‍රසිද්ධ, නත්තල් සීයා ජීවත් වන බවට ප්‍රවාදයේ කියැවෙන ලැප්ලන්තය ද පින්ලන්තයේම කොටසකි. තවද ලැප්ලන්තයේ Kilpisjärviහිදී යුරෝපයේ පිරිසිදුම වාතාස්‍රය හුස්ම ගැනීමට හැකි ය. ලෝකයේ ඕනෑම විශාල නගරයක ටැප් ජලයට වඩා පින්ලන්තයේ නගරයක ටැප් ජලය පිරිසිදු කමින් අනූන ය.

ඔබේ මුදල් පසුම්බිය හෝ ජංගම දුරකථනය නැති වෙන්නට අඩුම ඉඩක් ඇති රට සේම, ඒවා නැති වුණොත් නැවත හිමිකරු වෙතම ලැබෙන්නට වැඩිම ඉඩක් ඇති රට වන්නේ ද ෆින්ලන්තයයි. වීදි හිරිහැර අවම රටක් වන එහි, ධනවතුන් පවා කිසිදු බියක් සැකයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ගමනාගමනය සඳහා යොදා ගනිති.

Angry Birds සහ Clash of Clans වැනි ලෝකයේ සාර්ථකම වූ වීඩියෝ ක්‍රීඩාවන් වැඩි ම රටක් නිපදවන රට ෆින්ලන්තය වීම මගින් පෙන්වා දෙන්නේ ඔවුන් කොතරම් තාක්ෂණික සහ නිර්මාණශීලී ජාතියක් ද වන බවයි.

ෆින්ලන්ත වැසියෝ විවේකයට ද නිර්මාණශීලී නව ක්‍රීඩාවන්ගේ යෙදෙති. ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත් ව තිබෙන ‘තමන්ගේ බිරිඳ ඔසවාගෙන දුවන ක්‍රීඩාව‘ ‘එයා ගිටාර් වාදනය, ‘ජංගම දුරකථන විසිකිරීමේ සෙල්ලම‘ යනාදී අමුතු ක්‍රීඩා ඉසව් රැසක් ද වාර්ෂිකව එරටේ පැවැත්වෙයි.

දිනකට කෝපි කෝප්ප 8 ක්වත් බොන, වසරකට කෝපි කිලෝ 12 බැගින් පරිභෝජනය කරන පින්ලන්ත වැසියන් ලෝකයේ ලොකුම කෝපි ප්‍රේමියෝ ද වෙත්.

කෙසේ නමුත් ඔවුන් කෝපි බොමින්, නිදිමරාගෙන පාඩම් කර විභාග පාස් වී දියුණු වූ ජාතියක්දැයි සමහරවිට ඔබ සිතනු ඇත. නැත. ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමය පවතින රට වන්නේ ද පින්ලන්තයයි. එහි පාසල්වල ‘හෝම්වර්ක්‘ (ගෙදරවැඩ) කියා දෙයක් නැති අතර, විෂය නිර්දේශ පවා නැත. ඉතාම නිදහසේ දරුවන්ට ජීවන කුසලතා සහ විෂයයික දැනුම, තමන් විසින් තෝරාගත් කැමති විෂයන්ට අනුව ලබාදීම පමණක් මෙහිදී සිදුකරයි. International Student Assessment (PISA) අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ හොඳම අධ්‍යාපනය තිබෙන්නේ ෆින්ලන්තයේ ය. දරුවෙකු ලෙස ඉපදීමට සහ මවක බවට පත්වීමට ලෝකයේ හොඳම රට වන්නේ ද ෆින්ලන්තයයි.

පිටු 212 කින් යුක්ත World Happiness Report සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

– අවුට්බවුන්ඩ්ටුඩේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *