ඇමෙරිකාවෙන් චීනයට අනතුරු අඟවීමක්

චීනයට අනතුරු අඟවීමක්

චීනයට අනතුරු අඟවීමක්

පවතින ගෝලීය රටාවට අනුගත නොවුණොත්, වැඩ වරදීවි යැයි ඇමෙරිකාව වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයට අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයටත් ඉන්පසු දකුණු කොරියාවටත් පැමිණ සිටී. බ්ලින්කන්, චීනය විවේචනය කරමින් මෙම ප්‍රකාශය සිදු කළේ දකුණු කොරියාවේ සෝල් නුවරදීය.

චීන රජය එරට උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්, ඇමෙරිකාව කනස්සල්ලෙන් පසුවන බවත්, චීනය දිගින් දිගමට මානව අයිතීන් උල්ලංගනය කිරීම, ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී ඇති බවත් පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, දිගින් දිගටම පවසා ඇත්තේ ලෝකයේ පැවැත්වමට චීනය තර්ජනයක් වන්නේ නම්, චීනයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවය. ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූයේ පසුගිය ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදීය.

ට්‍රම්ප් පරිපාලනය චීනයටත්, චීන පරිපාලනය ඇමෙරිකාවටත් තීරු බදු පැනැවූ අතර, චීනයත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය විය.

හටගත් එම අර්බුදය මුල්කොට ගනිමින්, චීන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිත කණ්ඩායමක් අතරේ විශේෂ සාකච්ඡාවක් (19) ඇලෙස්කාවේදී ආරම්භ විය. ඇලෙස්කාව යනු ඇමෙරිකාවට අයත් කොටසකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *