විදේශ සේවා කාර්යාං­ශයේ කෝටි 100ක් පමණ මුදල් හා වෙනත් අවභාවිතාවන්!

වලංගු බලපත්‍රයක් නොමැති ව්‍යාජ එජන්සි ආයතන 2ක් වටලයි; විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දෙනුම් දීමක්

වලංගු බලපත්‍රයක් නොමැති ව්‍යාජ එජන්සි ආයතන 2ක් වටලයි; විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දෙනුම් දීමක්

විදේශ විනිමය මෙරටට රැගෙන ඒම පිණිස විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ මුදලින් යැපෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 1,000ක පමණ මුදල් හා වෙනත් අවභාවිතාවන් සම්බන්ධව ජාතික විගණන කාර්යාලය විසින් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද කරුණු විමසා තිබේ.

අවස්ථා ගණනාවකදී කාර්යාංශයේ සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 23 සහ 24 දෙදින ජාතික විගණන කාර්යාලය විසින් විගණන විමසුම් දෙකක් කාර්යාංශයේ සභාපතිවරයා වෙත එවා තිබේ. විගණන අධිකාරි එම්.ඒ පුෂ්පරාණිගේ අත්සනින් යුතුව එවා ඇති විගණන වාර්තා දෙකින් අදාළ බරපතළ මූල්‍ය හා වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම පිණිස විගණන විමසුම යොමු කළ බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් විමසූ විට ඔහු පැවසුවේ කාර්යාංශය සම්බන්ධයෙන් විගණන විමසුම් ලැබී ඇතැයි තමන්ට වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි.

පසුගිය මස 24 වැනිදා ජාතික විගණන කාර්යාලය යොමු කළ විගණන විමසුමේ අංක 02 යටතේ මහා පරිමාණ අවිධිමත් ගනුදෙනු 6ක් සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ. එමෙන්ම අංක 01 යටතේ රුපියල් මිලියන 80ක හා රුපියල් මිලියන 57 මූල්‍ය අවභාවිතාවන් ඇතුළු බරපතළ අක්‍රමිකතා 7ක් සම්බන්ධව කරුණු විමසා ඇත.

එමෙන්ම අංක 03,04 හා 05 යටතේ මූල්‍ය අවභාවිතා කළ වැරැදිකරුවන් හා එම මූල්‍ය වංචා සඟවා වැරැදිකරුවන් නිදහස් කිරීම ඇතුළු මූල්‍ය වංචාවන්ට අසුවූවන්ට ලබා දුන් විනය නියෝග අභිභවා කටයුතු කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ විමසා ඇත. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව විසින්ද 2021.03.08 දින සභාපතිවරයා ලිපියක් යොමු කරමින් කාර්යාංශයේ අනුමත නොවන නිලයක් වන ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක් ස්ථාපිත කිරීම පිළිබඳ කරුණු විමසා ඇත. මෙම අක්‍රමිකතාවන්ට අමතරව රන් පියාපත් මාධ්‍ය වැඩසටහන, සුපිරි මෝටර් රථ, කැබ්රථ හා මෝටර් රථ 25ක් මිලට ගැනීම, හා නිල ඇඳුම් අක්‍රමිකතා වෙනුවෙන්ද රුපියල් මිලියන 424ක මූල්‍ය අක්‍රමිකතා සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන අරඹා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *