රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීයා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් CIDය විමර්ශන ආරම්භ කරයි

CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්

CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා (18) දිනයේ සිදුකළ ලිඛිත පැමිණිල්ලට අමතරව (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

පසුගිය 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා තමා සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහිත කරුණු සඳහන් කළ බව පවසා ඇති පැමිණිලිකාර මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා, වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම ප්‍රකාශය හරහා තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *