හිටපු ප්‍රබලයන් දෙදෙනෙකුගේ නඩු අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනී

හිටපු ප්‍රබලයන් දෙදෙනෙකුගේ නඩු අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනී

හිටපු ප්‍රබලයන් දෙදෙනෙකුගේ නඩු අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනී

හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බව එම කොමිෂන් සභාව (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැදවු අවස්ථාවේ දී නඩුවට අදාළ තාක්ෂණික ගැටලු කිහිපයක් මත මෙම නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව අල්ලස් කොමිෂන් සභාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දන්වන ලදී .

මොහාන් පිරිස් මහතා නීතිපතිවරයා ලෙසට කටයුතු කළ කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි.

මේ අතර මිහින් ලංකා දූෂණ නඩුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබූ සියලු චෝදනා ඉල්ලා අස්කර ගත් බව ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිෂන් සභාව (16) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසුවේ අල්ලස් කොමිෂන් සභාව විසින් අධිකරණයට දන්වා ඇත්තේ කොමිසමට එරෙහිව ඔහු විසින් ගොනු කර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී බවයි.

“විරෝධතා ගොනු කිරීමට නියමිත අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාව සියලු චෝදනා ඉවත් කර ගත්තා” යැයි සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *