අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ඇතුලු පොලිස් ලොක්කෝ රැසකට මාරුවීම්; කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට ද මාරුවක්

අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ඇතුලු පොලිස් ලොක්කෝ රැසකට මාරුවීම්; කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට ද මාරුවක්

පොලිස් ජේ්‍යෂ්ඨයින්ට මාරුවක්

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ඇතුලුව පොලිස් ප්‍රධානීන් 35 කට හදිසි මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
මෙලෙස මාරුවීම් ලබාදී ඇති පොලිස් නිළධාරින් අතර අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි තල්දූව, පොලිස් තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ඇතුලු නිළධාරින් රාශියක් සිටින බව වාර්තා වේ.

කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්

මේ අතර පානදුරේදී මහා දවාලයේ ධිවර ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කුඩු සලිදු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයමින් සිටි පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාව වහාම ක්‍රියාත්මක යන පරිදි කාර්ය නියමයක් නොමැතිව කේෂත්‍ර බළකා මූලස්ථානයට මාරුකර යවා තිබේ.

කුඩු සලිදු නැමැත්තා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතයෙක් බවත්, එම දේශපාලනඥයා සමග ඔහු නිරන්තරයෙන් දුරකතනයෙන් සම්බන්ධකම් පවත්වන බවත් පොලිස් විමර්ශනවලින් හෙළිව තිබිණ.

ධිවර ව්‍යාපාරිකයාව ඝාතනය කුඩු සලිදුගේ මෙහෙයුමකට අනුව සිදුව ඇති බව හෙළිවීමත් සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට ඉහළ පොලිස් නිලධාරීන්ට එල්ලවුණු දේශපාලන බලපෑම් හේතුවෙන් එම නිලධාරීන් සලිදු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට බාධාකර තිබුණු බව පැවසේ.

කුඩු සලිදු විසින් සිය ගෝලයෙක් මගින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් කොළඹ කොටුවේ යම් ස්ථානයකදී තවත් පුද්ගලයෙකුට ලබාදී ඇති බවත් එම මුදල් අල්ලසක් ලෙස යම් පුද්ගලයෙක්ට ලබාදුන්නක් විය හැකි බවට සැකයක්ද පැන නැගී තිබුණි.

දිගින් දිගටම එම ඝාතන විමර්ශන පැවැත්වීමේ පරීක්ෂණවලට එල්ලවුණු බලපෑම් හමුවේ වෙඩික්කරු බෝට්ටුවක නැගී ඉන්දියාවටත්, යතුරු පැදිකරු ගුවනින් ඩුබායි වෙතත් පළාගොස් තිබුණි.

සලිදු තවමත් මෙරට රැදී සිටින අතර ඔහුට දේශපාලන රැකවරණය ලැබෙන බවත් පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සමග දුරකථනයෙන්ද සම්බන්ධකම් පවත්වන බවත් බුද්ධි අංශ හෙළිකර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *