සීනි වංචාව සම්බන්ධයෙන් අනාවරණයන් පලවෙද්දී, රජයේ ඇමතිවරු ද මතයන් දෙකක

සීනි වංචාව සම්බන්ධයෙන් අනාවරණයන් පලවෙද්දී, රජයේ ඇමතිවරු ද මතයන් දෙකක

සීනි වංචාව සම්බන්ධයෙන් අනාවරණයන් පලවෙද්දී, රජයේ ඇමතිවරු ද මතයන් දෙකක

සීනි ආනයනය කිරීමේදී හිටිහැටියේම බද්ද අඩුකිරීම හරහා සිදුවූ බිලියන 15.9ක වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා විශේෂ අනාවරණයක් සිදු කළේය.

මෙහිදී පිරමිඩ් විල්මා සමාගම සීනි ආනයනය කළ ආකාරයත්, ඒ හරහා විශාල මුදලක් රටට අහිමි වූ ආකාරයත් මෙහිදී මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

මතයන් දෙකක රජයේ ඇමතිවරු

ජනාධිපතිතුමන් සීනි බද්ද අඩු කළේ සත්භාවයෙන් වුවත් සීනි බද්ද අඩු කිරීමේ වාසිය කූඨ වෙළඳුන් පිරිසක් විසින් ජනතාවට ලබා නොදුන් බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසන අතර වංචාවක් සිදු කර ඇති බව හඳුන්වන්නේ දේශපාලන තක්කඩින් යැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.

උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන ඇමතිවරයා, ජනාධිපතිවරයා සීනි බදු අඩු කරන්නැයි කීවේ ජනතාවට සහන දීම සඳහා වුවද කූට වෙළඳුන් පිරිසක් එම සහනය ජනතාවට ලබා නොදුන් බවත් ඒ ගැන කණගාටු වන බවත් පවසා තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු වන එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයා බදු වංචාවක් සිදු වූ බව පිළිගනිද්දී ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කරන්නේ සීනි බදු වංචාවක් සිදු නොවූ බවටයි. පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේද එවැනි අදහසකි. එසේම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මේ පිළිබඳව අදහස් පළකරමින් පසුගියදා පවසන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව බදු අඩු වැඩි කිරීමේදී කවුරුන් හෝ පාර්ශ්වයකට වාසියක් වීමත් තවත් පාර්ශ්වයකට පාඩුවක් වීමත් ස්වභාවික දෙයක් බවත් එය වංචාවක් වශයෙන් හඳුන්වන්නේ දේශපාලන තක්කඩින් විසින් බවයි.

කෙසේ වෙතත් මේ වනවිට සීනි බදු අඩු කිරීම හරහා රජයට සිදු වූයේ වංචාවක් නොව අවාසියක් පමණක් බවට ආණ්ඩුවේ ඇමතිවරුන් එත්තු ගැන්වීමට උත්සාහ කිරීමෙන් ඔවුන් විපක්ෂයේ සිටියදී ප්‍රබල හඬක් නගමින් බැඳුම්කර ගනුදෙනුව හරහා බරපතළ මූල්‍ය වංචාවක් සිදුවූ බවට කරනු ලැබූ ප්‍රකාශයන් අහෝසී වී බැඳුම්කර ගනුදෙනුව හරහාද රජයට සිදු ව ඇත්තේ වංචාවක් නොව අවාසියක් බව හඟවමින් එයට වගකිව යුත්තන් නිදහස් කිරීමේ දේශපාලන ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව තහවුරු වේ.

පසුගිය ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ ප්‍රධානම සටන් පාඨ දෙක අතර බැඳුම්කර මුදල් කොල්ලකරුවන්ට දඬුවම් දෙන බව ප්‍රකාශ කළද මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු සාධනීය පියවරක් නොගෙන ඇති පසුබිමක සීනි බදු වංචාවෙන් අනතුරුව බැඳුම්කර නිකුත් කිරීමේ අවාසියක් සිදු වු බවට ජනතාව අතර තහවුරු කිරීමේ ප්‍රචාරයක ආණ්ඩුව යෙදී සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *